GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesSpartacusSeason 1 - Episode 7
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Great and Unfortunate Things - උතුම් සහ අවාසනාවන්ත දේවල්

S1 E7
Select Server
8.4
2010

Episode Storyline

එහෙනම් පළමු කතා මාලාවේ තවත් පියවරක් තබන්නයි මේ සූදානම. අද ඉදිරිපත් කරන්නේ හත්වන කොටස. එහෙනම් හයවන කොටසේ මතකය පොඩ්ඩක් අවදි කර ගනිමු. අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිදුවුනා “ස්පාටකස්” හට, ඒ කියන්නේ දීර්ඝ කාලයක් දෑස් දල්වා ගෙන සිටිය තමන්ගේ ආදරණිය බිරිඳ “සුරා” තමන්ගේ දෑතට ගන්න. ඒ වෙනුවෙන් ජීවිතය පවා පරදුවට තැබුවා. අවසානයේ ඔහුට ඇයව තම දෑත් වෙතම ලබා ගත්තා, නමුත් ඇයගේ අවසන් හුස්ම පොද හෙලන්න සිදු වුයේ ඒ දෑස් දල්වා ගෙන සිටි මොහොතේදීම. “ස්පාටකස්” සැලසුම් කරගෙන සිටි හැම දෙයක්ම ව්‍යර්ථ වුනා. “සුරා” සමඟ පුහුණු පාසලෙන් පැන යන්න. නව ජිවිතයක් අරඹන්න මවපු සිහින හැම දෙයක්ම තණමත රැඳුනු පිනි බින්දුවක් වගේ ක්ෂණයකින් බොඳව ගියා. එහෙම තමා “ස්පාටකස්ට” තම දෛවය සරදම් කලේ. දෛවයට වඩා “ස්පාටකස්ට” සරදම් කලේ “බැටියාටස්” විසින්. මේ අතර “බර්කා” තමන්ගේ නිදහස මිලට ගන්න සූදානමකින් හිටියේ, මේ වහල් ජිවිතයෙන්, මේ හිරගෙයක් වගේ පුහුණු කඳවුරෙන් මිදිලා “පිට්‍රොස්” නමැති තමන්ගේ සමලිංගික සගයා සමඟ නව ලොවකට පිය නගන්න. එතනදී සිදුවන්නේ තවත් අවාසනාවන්ත දෙයක්. “බර්කා” විසින් “පීට්‍රොස්ගේ” හිත හදන්න කියපු බොරුවක් “අශුර්” නමැති ඔට්ටු කරුවා “බැටියාටස්ගේ” කනේ තියලා තමන්ගෙන් “බර්කාට” ලැබිය යුතු ඔට්ටු මුදල නවත්වා ගන්න නියම රඟපෑමක් කරවනවා. එහිදී අවාසනාවන්ත ලෙස “බර්කාට” තමන්ගේ ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ කිසිම වරදක් නොකරම. “බැටියාටස්” විසින් කල තවත් අනුවණ ක්‍රියාවක් තමයි එයත්. එත් ඒක තමන්ගෙන් සිදුවුන අත්වැරැද්දක් කියලා පිළිගන්න ඔහු කැමති නැහැ. හත්වැනි කොටසේ ආරම්භය එතැන සිටන්, බිරිඳගේ අකල් වියෝවෙන් හෙම්බත් වෙලා සිටින “ස්පාටකස්ට” මේ වුන දේ හිතා ගන්නවත් බැහැ. එත් ඒ අවාසනාවන්ත වියෝවට වගකිව යුත්තා කවුරුන්ද කියලා අපිට දැක ගත හැකි උවත් “ස්පාටකස්” තවමත් හිතන්නේ “බැටියාටස්” කියන්නේ යහපත් මිනිහෙක් කියලා. මේ අතරේදී අවාසනාවන්ත එක සිදුවීමක් වෙනවා. “පිට්‍රොස්” හිතන්නේ ඇත්තටම “බර්කා” තමන්ව දාල නිදහස ලබා ගෙන ගියා කියලා. එහෙම තමා “ලුඩුස්” වල සිටින අයට ප්‍රචාරය යවන්නේ. “බර්කා” නැති වුන පසු “පිට්‍රොස්ට” හට ලබන්නේත් නපුරු කලදසාවක්. අවසානයේ “පිට්‍රොස්ට” වෙන්නේ කුමක්ද කියල බල ගන්න පුළුවන් අද කතාවේ අවසානයේදී. ඒ අතරතුර “ස්පාටකස්ට” තවත් තරඟයකට ආරාධනාවක් ලැබෙනවා. මෙහිදී “ස්පාටකස්” තීරණය කරනවා ඔහුගේ බිරිඳ හැම මොහොතකම කිව්වා වගේ දෙවියන් ඔහුත් සමඟ සිටිනවද කියන එක පරික්ෂාවට ලක් කරන්න. මොකද දැන් ඔහුට ජිවත් වෙන්න අමුතුවෙන් කියලා බලාපොරොත්තුවක් නැහැ. අවසානෙදි බලමු “ස්පාටකස්ගේ” උදව්වට “සුරා” කිව්වා වගේ දෙවියන් සිටිනවද කියලත්. “ස්පාටකස්ගේ” ඉරණම කොයි අතකට දෝලනය වෙනවද කියලා ඉදිරි කතාංග වලදී දැක ගන්න හැකි වේවි.

More from Season 1

Spartacus

Spartacus

DramaAdventureRomance
View All Seasons