GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesSpartacusSeason 1 - Episode 6
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Delicate Things - රස මුසු දේවල්

S1 E6
Select Server
8.4
2010

Episode Storyline

අද ඉදිරිපත් කරන්න යන්නේ පළමු කතා මාලාවේ හය වන කොටස. කලින් කොටස ගැන පොඩ්ඩක් මතකය අවදි කර ගනිමු සුපුරුදු පරිදි. පසුගිය කොටස නරඹපු ඔයාලා දන්නවා “ස්පාටකස්ට” උනේ මොකද්ද කියලා. “ක්‍රික්සස්” සහ “ස්පාටකස්” දෙන්නට ඉතා අපහසු ඉලක්කයක් ලැබුනා ජිවිත පරදුවට තියලා ලබා ගන්න. ඒ තමයි මරණයේ සෙවණැල්ල එහෙම නැත්තන් “තියෝකලිස්”. මල්ලව පිටිය තුල තිබෙන ජිවත් වන පුරාවෘත්තය, අපරාජිත සටන් කරුවෙක්. අවසානයේ කොහොමහරි “ක්‍රික්සස්” දරුණු ප්‍රහාරයකට ලක්වන අතර “ස්පාටකස්” සමත් වෙනවා මේ පුරාවෘත්තය ඉතිහාසයට එකතු කරලා, අලුත් පුරාවෘත්තයක් ලියන්න ගන්න. තව විදිහකට කියනවා නම් “වැස්ස ගෙන එන්නා” යන් පරිවර්ථ නාමයකුත් “ස්පාටකස්ට” පට බැඳුනා. මෙතුවක් කලකට “කැපුවා” වල වීරයා වෙලා හිටපු “ක්‍රික්සස්” හට දීර්ඝ විරාමයක් දෙමින් “කැපුවා” වලට නව වීරයෙක් බිහි වුනා. හැමෝම “ස්පාටකස්” කියන නම මුමුණන තත්වෙකට අපේ වීරයා පත් වුනා. මේ හැම දෙයක්ම අතරේ “බැටියාටස්” දැන ගන්නවා තමන්ව මරන්න හැදුවේ කව්ද කියලත්. ඒ වෙන කව්රුත් නෙමේ ධාන්‍ය වෙළෙන්දෙක් වෙන “ඔවිඩියස්” මොහු නඩුකාරවරයාගේ ඥාතියෙක්ද වෙනවා. ඒ සඳහා පලිය අරගෙන තමයි “බැටියාටස්” තරඟය නරඹන්න එන්නේ. “ඔවිඩියස්ගේ” සම්පූර්ණ පවුලම සමූලඝාතනය කරලා, එහිදී දැන ගන්නවා “ඔවිඩියස්ව” මෙහෙයවල තියෙන්නේ “බැටියාටස්ගේ” විරුද්ධ වාදියා වන “සොලොනියස්” කියලත්. මාස ගානක ඉඩෝරය නිමා කරමින් ලැබුන වැස්ස නිසා මුළු “කැපුවා” නගරයම උද්දාමයට පත් වෙලා ඉන්නේ. හයවන කොටසේ ආරම්භය එතැන සිටන්, අද කතාව අවසානයේ ටිකක් දුක හිතෙන දේවල් වෙන්න තියෙනවා. ඒක ඔයාලම බලන්නකෝ. ඉතින් දැන් “බැටියාටස්” ඉන්නේ හරිම සතුටකින්. මොකද නව වීරයෙක්, සල්ලි සහ වැස්ස හැම දේම ලැබිලා. දැන් මනුස්සය ඉන්නේ “ණයත් නැහැ බයත් නැහැ” කියන හැඟීමෙන්. ඒ වගේම තමා “ස්පාටකස්ට” ලැබෙන ගෞරව සම්මාන පුද සත්කාර. “ස්පාටකස්ට” ලැබෙනවා අලුත් ආරක්ෂක ඇඳුමක් එහෙමත්. “ක්‍රික්සස්ට” ලැබුණු දරුණු කඩු පහරවල් හමුවේ එකතැන් වෙන්න සිද්ධ වෙනවා. “ස්පාටකස්ට” තියෙන්නේ වෙනම බලාපොරොත්තුවක්, ඒක මේ පුහුණු පාසලට ආව දවසේ ඉඳන් තියෙන දෙයක්. ඒ කියන්නේ තම ආදරණිය බිරිඳ “සුරා” තමන්ගේ ලඟට ගැනීම. ඉතින් “ස්පාටකස්ට” ලැබෙනවා සුබ ආරංචියක් හිතවත් “බැටියාටස්ගෙන්” එයාගේ බිරිඳව සොයා ගත්තා කියලා. තව “බැටියාටස්” පොරොන්දු වෙනවා “ස්පාටකස්ට” එයා දිනපු තරඟ මුදලින් බිරිඳව “කැපුවා” වලට ගෙනත් දෙනවා කියලත්. එකයි අද කතාව නම් වෙලා තියෙන්නේ “රසමුසු දේවල්” කියලා. මොකද හැමෝම සතුටින් ඉන්නේ හැමෝටම තමන් හිතන පතන දේවල් ලැබෙන්න යන්නේ. මේ අතර තුර “ඔවිඩියස්ගේ” මරණය ගැනත් විමර්ශනයක් යනවා. “බර්කා” එහෙම නැත්තන් “කාර්තේජයේ” මෘගයට අවාසනාවන්ත සිදුවීමකුත් වෙන්න තියෙනවා. අද කතාවෙන් ඔයාලට දකින්න පුළුවන් බලවතාගේ පයට පෑගෙන දුවිල්ලක් තරම් වත් දුර්වලයාගේ ජීවිතය සහ ඔවුන්ගේ හැඟීම් වටින්නේ නැති බව. බලන්න එහෙනම් “ස්පාටකස්ට” එයාගේ බිරිඳව ලැබෙනවද කියල, “බැටියාටස්” කියන්නේ මොන වගේ තිරිසන් ආත්මයක් සහිත මිනිහෙක්ද කියලත්. “ස්පාටකස්ගේ” යුගය ආරම්භ වුනා, ඒ “ස්පාටකස්” පැතුව විදිහටමද කියලා කියන එක අද කොටසින් බලමු.

More from Season 1

Spartacus

Spartacus

DramaAdventureRomance
View All Seasons