GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 3 - Episode 7
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

In the Dark - උපත සහ විපත

S3 E7
Select Server
7.4
2014

Episode Storyline

අද අපි බලමුකෝ ටකහායා අල්ලගත්තායින් පසුව, චීනේ නැවක් ඇවිල්ලා මෙයාලගේ ඩ්‍රෝන් එකකට ගැහුවා කියලා. අද කතාවේදී මේ ටකහායා වගේම මේ චීනේ නැව් එක්ක කතාවේ මොන වගේ දේවල් වේවිද කියලා බලනකං බොහෝ දෙනෙක් මග බලාගෙන ඇති..... කතාවේ ගලායෑම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන විදියට තමයි කතාව අවසන් වුනේ. කතාවේ එක් තැනක උපතක් වෙන අතරේ තවත් වැදගත් කෙනෙකුගේ විපතක් වුනා කියන්නේ කතාව අනිවාර්යෙන්ම වෙනතකට හැරෙනවා තමයි. ඒ වගේම ජනපතිගේ විපතෙන් පසුව නැවත පත්වෙන ජනපති තුමා සහ ඔහුගේ ක්‍රියාවන් රටේ සංවර්ධනයට මොන විදියට බලපාවිද? ඒ වගේම චැන්ඩ්ලර් ඇතුලු නැවේ පිරිස මේ පුවතට මොන විදියට ප්‍රතිචාර දක්වාවි ද? මොවුන් සිදු කරගෙන යන මෙහෙයුමට මෙයින් මොන විදියේ බලපෑමක් එල්ල වේවි ද? මේ වගේ ප්‍රශ්න බොහෝමයක් ජනපතිගේ මරණය මූලික කොටගෙන පැන නගින්න පුළුවන්කම තියෙනවා. ටකහායා අල්ලා ගැනීමෙන් පසුව එයාගෙන් ප්‍රශ්ණ කිරීම් සිදු කරන්න යෙදුනා. ප්‍රශ්ණ වූයේ, “පෙන්ග් එක්ක එකතු වෙලාද වැඩ කරන්නේ?” , “කොහොමද නේතන් ජේම්ස් කණ්ඩායම වියට්නාමයේ ඉන්න බව දැනගත්තේ?” , ප්‍රධාන ප්‍රශ්ණ දෙකත් ඇතුලුවයි. මේ ප්‍රශ්ණ දෙකටම පිලිතුරු ලැබුනා. පෙන්ග් කලින් කියපු ආකාරයෙන්ම ටකහායා සහ පෙන්ග් දෙදෙනා සතුරන් වග දැනගන්නට ලැබුණා. ඒ වගේම ටකහායා නැවේ සිටින අයගේ ස්ථානය පිලිබඳ දැනුවත් වුනේ, ශැන්සායි වලදී සාශා‘ගේ මග පෙන්වීම අනුව කැප්ටන්ට මුණගැසුනු වූ-මින්ග් විසින්. කැප්ටන්‘ගේ ඔරලෝසුව ගත්තු කෙනා තමයි වූ-මින්ග් කියලා කියන්නේ. ගොඩක් අයට මෙයාව මතක ඇති කියලා කියනවා. කැප්ටන්ගේ වචනයෙන්ම කිව්වොත් වූ-මින්ග්ට අනතුරු ඇඟවීමක් සිද්ධ කලා. “My ship will drop half a dozen tomahawks on this dump you call your kingdom.” අද කතාවේදී මෙයාලා වූ-මින්ග් හොයාගෙන යනවා. ඒ වගේම ටකහායා විසින් මේ විදියට වූ-මින්ග් විසින් ලබාදුන්නු ඔත්තුව වෙනුවෙන් ලබා දුන්නු දේ මොකක්ද යන්නත් පැහැදිලි කලා. මේ තොරතුරු වෙනුවෙන් වූ-මින්ග් විසින් යාත්‍රා කරවන කලුපාට රවුම් සලකුණු කරපු නැව් මංකොල්ල කන්නේ නෑ කියන පොරොන්දුව පිට තමයි මෙයාලා නේවි එක ඉන්න තැන පිලිබඳ තොරතුරු ලබාගෙන තිබුනේ. මේ නිසා මේ නැව් වල ප්‍රවාහනය වුනේ මොනවද? ඒවා කොහේටද ප්‍රවාහනය වෙන්නේ, යන තොරතුරු ලබාගැනීම අරමුණු කරගෙනයි නැවත වූ-මින්ග් පසුපස්සේ යන්නේ.

More from Season 3

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons