GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 3 - Episode 10
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Scuttle - පෙරලි පිට කැරලි පෙරලේ

S3 E10
Select Server
7.4
2014

Episode Storyline

ගිය සතියේ චීන සී ඩ්‍රැගන් නැව පසුපස්සේ නේතන් ජේම්ස් නැව හඹා ගියා. මේ අතරේම නේතන් ජේම්ස් වල උදව්වට හේවෝර්ඩ් සහ ශැකල්ටන් නැව් දෙකත් එකිනෙකට සම්බන්ධ වුනා. නමුත් මෙතෙක් කාලයක් ධවල මන්දිරයේ සන්නිවේදන නාලිකාවේ සම්ප්‍රේශණයට බාධාවක් වෙමින් පැවතුනේ මොකක්ද කියලා අනාවරණය කරගැනීමත් එක්කම නේතන් ජේම්ස්, ශැකල්ටන් සහ හේවෝර්ඩ් යන නෞකා තුනටම ගොඩබිමින් සහ සී ඩ්‍රැගන් නෞකාවෙන් මිසයිල ප්‍රහාර එල්ල වෙනවා. මේ ප්‍රහාර හේතුවෙන් ශැකල්ටන් නෞකාවේ කවුරුවත්ම ඉතුරු වන්නේ නෑ. නමුත් බරපතල හානි සිදුවුනු හේවෝර්ඩ් නෞකාවේ කැප්ටන් මේයිලන්ඩ් ඇතුලු දිවි බේරාගන්නට සමත්වුනු නමුත්, බරපතල ලැබූ බොහෝ දෙනෙක් නේතන් ජේම්ස් විසින් බේරාගන්නට සමත් වුනා. ප්‍රහාරයෙන් නේතන් ජේම්ස් නෞකාවට හානි සිදුවුනේ පාලන මැදිරියේ ඉදිරිපසට පමණයි. මේ සිදුවීමෙන් පසුව ධවල මන්දිරයේ ලොකු පෙරලියක් සිද්ධ වෙනවා. කේරා විසින් සන්නිවේදනය මොකක්ද කියලා පැහැදිලි කරගන්නවා. ඒ දැනට ධවල මන්දිරය හරහා සංසරණය වෙන තොරතුරු සියල්ලක්ම තොරතුරු කාන්දු කිරීමේ රහස්, කේතනය කල නාලිකාවක් බව. මේ විදියෙන් තමයි ඇමරිකානු නාවික හමුදාවේ නැව් තුනකට චීනය විසින් සාර්ථකව පහර ලබා දුන්නේ. නමුත් නැව් තුනම ගිල්වීමේ සැලසුම අතින් පැන්ග් අසාර්ථක වුනු බව දකින්න ලැබෙන්න ඇති. ඇලෙක්ස් නිසා මේ හැම කුමන්ත්‍රණයක්ම සිද්ධ වෙන බවයි කේරා සැක කරන්නේ. මේ සැකය කේරාට ගොඩක්ම වැඩිවුනේ, කැප්ටන් චැන්ඩ්ලර් ප්‍රහාරය පිලිබඳ විස්තර කියලා නැවේ සන්නිවේදනය EM-CON තත්වයට තත්වයට පත්කරන බව දැනුම් දුන්නායි පසුව, ඇලෙක්ස් ඒ සැනෙන් ධවල මන්දිරයෙන් පිටවීමයි. මේ නිසා කේරා සැකය තහවුරු කරගැනීමේ අරමුණින් ඇලෙක්ස් පස්සෙන් හොරාට ගමන් කරනවා. නමුත් නොසිතූ දෙයක් තමයි කේරාට අත් දකින්නට ලැබුනේ. සෙනෙටර් බෙයටි සමග මුහුණට මුහුණ හමුවී රහසේ කතාබහ කරන ඇලෙක්ස් අසලින් වාහනයක් නතර කර දෙදෙනාටම වෙඩි තබා ඝාතනය කලා. නමුත් අවසාන වශයෙන් කේරාට ඇලෙක්ස් සමග කතා කරන්න ලැබුණා. ඇලෙක්ස්ගෙන් කේරාට ලැබුණේ එකම උපදෙසයි. ඒ “කවුරුවත් විශ්වාස කරන්න එපා” කියලයි. අවසාන වශයෙන් කතාවේ පෙන්නපු විදියට ඇලිසන් මේ හැම කුමන්ත්‍රණයකටම මධ්‍යගත බව අපට හොඳටම පැහැදිලි වුනා. නමුත්ක තාවේ ආරම්භයේ ඉඳන්ම හැමෝම හිතුවේ ඇලෙක්ස් තමයි නරක මිනිහා කියලා. පසුගිය කතාව අවසානයෙන් පසුව අද කතාවේ ලොකු දෙයක් වේවි කියලා බලාපොරොත්තුවෙන් තමයි හැමෝම ඉන්නේ. බලාපොරොත්තු වුනු විදියට නොවුනත් අද ලොකු ලොකු දේවල් වල පටන් ගැන්ම තමයි සිදු වෙන්නේ.

More from Season 3

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons