GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 3 - Episode 11
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Legacy - බෙදුනු රටක් වට මුහුදක්

S3 E11
Select Server
7.4
2014

Episode Storyline

අද කතාවේදී මේ සමයේ මුලදී තිබුණූ නිස්කලංක බවක් දකින්නවත් නෑ. ආරම්භයේ ඉඳන්ම අවසානයක් වෙනකං සැලසුම් කිරිම් සහ යුද්ධ කිරීම් තමයි දකින්න ලැබෙන්නේ. පසුගිය සතියේදී නම් කේරා තමුන්ගේ පවුලේ අයට වගේම කැප්ටන් චැන්ඩ්ලර්ගේ පවුලේ අයට අලුතෙන් රජයේ වෙන්න යන වෙනස නිසා නිවෙස් වලින් පිටවෙන්න කියලා අනතුරු ඇඟෙව්වා. ඒ වගේම තමයි ඒ එක්කම කේරා තමුන්ගේ අම්මා එක්කම තමුන්ගේ දරුවාවත් පිටත්කර හැරියා. මේ සිදුවීමෙන් පස්සේ කේරා දැනගන්නවා ඇලිසන් ප්‍රයිස් තමයි මේ හැම කුමන්ත්‍රණයක් පිටිපස්සේ ඉන්නේ කියලා. මේ නිසා කේරාට ධවල මන්දිරයේ ඩෙනිස් හැරෙන්න කවුරු ගැනවත් විශ්වාසයක් තබාගැනීමට හැකියාවක් ඇත්තේ නෑ. ඒ වගේම තමයි ජෙෆ්රි මිචෙනර්ගේ මරණය ගැනත් අද කතාවේදී සැබෑව හෙලිදරව් වෙනවා. ඒ වගේම ගොඩබිම අතින් සේන්ට් ලුවිස් වල ඒ වගේ උණුසුම් වාතාවාරණයක් ඇති අතරේ, මුහුද මැද නේතන් ජේම්ස් ටකහායා සහ ඔහුගේ මිත්‍ර මංකොල්ලකාරයෝ එක්ක එකතුවෙලා පෙන්ග් හොයාගෙන යනවා. මේ අතරේදී ඔවුන් ජපානයේ ටෝකියෝ වල ජපන් ලේඛනාගාරයට යන බව දැනගන්න ලැබෙනවා. ඒ වගේම තමයි ජනාධිපති පෙන්ග් මේ අය අතරේ ඉන්න බවත් දැනගන්න ලැබුණා. එයාලා ජපානයට ගිහිල්ලා ජපානයේ සංස්කෘති ලකුණු, වටිනා සංස්කෘතික ආම්පන්න ලේඛනාගාරයෙන් විනාශ කරලා දාන්නයි සූදානම් වෙන්නේ. මේක වැලැක්වීමට ටකහායා එක්ක නේතන් ජේම්ස් වල අය එකතු වෙලා ජපානයට ගොඩ බහිනවා. ඉතිං ඉතුරු වෙන දේවල් හිතාගන්න පුළුවන් නේ. ඒ වගේම පසුගිය සතියේදී කේරා වයිට් හවුස් වලින් පැනගත්තු ගමන්ම ගියේ වාර්ථාකාර ජෙකබ් බාර්න්ස්‘ගේ නිවසට. මෙයාගේ ගෙදරදී තමයි ලෝක සිතියම් වලින් බලලා ප්‍රාදේශීය නායකයෝ ඇලිසන් එක්ක එකට එකතු වෙලා මොනවද කරන්නේ යන්නේ කියලා තේරුම් ගත්තේ. ඒ වගේම තමයි ඩෙනිස් වයිට් හවුස් වල ඉඳන් කේරාට පණිවුඩ ගෙනල්ලා දුන්නායින් පස්සේ ඇලිසන්ගේ මැරයෙක් එනවා කේරාව ඝාතනය කරන්න. ජේකබ්ගේ අතට වෙඩි වැදිලා බේරුනත්, කේරාගේ අතින් මැරයා මැරරෙනවා. ඊට පස්සේ තමයි මෙයාලා ටෙක්ස් හොයාගෙන යන්නේ. ඔන්න එහෙනං අද කතාවේ කවුරුත් පුන පුනා බලාගෙන හිටපු ටෙක්ස් ආපහු එනවා. එයා මොනවද මෙච්චර කාලයක් කලේ. කියලා කතාව බලලාම දැනගන්න පුළුවන්. ටෙක්ස්ගේ දුවත් මතක ඇතිනේ. තාත්තයි දුවයි එකට එකතු වෙලා තමයි ගේම ගහන්නේ… 😀 කොහොමින් හරි අද කතාවේ යුද්ධ ගොඩයි. ඒ කියන්නේ කවුරුහරි මැරෙන්න වුනත් ඉඩ තියෙනවා. අපි බලමුකෝ එහෙනං කතාව අතරේ මොනවායින් මොනවා වේවිද කියලා.

More from Season 3

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons