GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 5 - Episode 13
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

To'hajiilee 🏜️ - හජීලීවලට ගමන

S5 E13
Select Server
9.5
2008

Episode Storyline

Walter's past catches up with him; a confrontation ensues.

ජෙසීව හොයාගෙන වොල්ටර් දැන් හැමතැනම යනවා. අන්තිමේට එයා එයාගේ ගෙදරට එනවා. එතනදි එයා ගේ ඉස්සරහා කාර් එකක් නවත්වලා තියෙනවා දකිනවා. මෙයා හොරෙන් ගෙදරට පැනලා තුවක්කුවත් අරගෙන ජෙසිව හොයනවා. හැබැයි මුළු ගෙදර පුරා හෙව්වත් ජෙසිව නම් හොයාගන්න වෙන්නේ නෑ. හැබැයි එයා දාපු ප්‍රෙට්‍රල් නම් තවමත් තියෙනවා. අන්තිමේට සුද්ධ කරන කණ්ඩායමක් ගෙනල්ලා වොල්ටර් ඒ තෙල් අයින් කලත් ගද අයින් කරන්න බැරිවෙනවා. ඉතින් මේකට නිදහසට කාරණයක් විදියට මෙයා බොරු කතාවක් ගොතලා ස්කයිලර්ටයි ෆ්ලින්ටයි කියනවා. පෙට්‍රල් ගදත් එක්ක මේ ගෙදර තවත් ඉන්න බැරි නිසා වොල්ටර් පවුලේ අයත් එක්ක හෝටලයක ටික දවසක් නවතින්න යනවා. ඒ අතරේ සෝල්ගේ කට්ටිය හෝ ගාලා ‍ජෙසීව හැම තැනම හොයනවා. හැබැයි එයාලා බලපු ජෙසී ඉදිවි කියලා සැක කරපු කිසි තැනක ජෙසී ඉදලා නෑ. ඒ වගේම ස්කයිලර් දැනගන්නවා වොල්ටර් අර කිව කතාව බොරුවක් කියලා. ඉතින් එයා වොල්ටර්ගෙන් ඇත්ත කතාව අහනවා. ඒ කතාව ඇහුවා විතරයි ස්කයිලර් බය වෙනවා මොකද පවුලට මොනවා හරි වෙයි කියලා. ඒ වගේම එයා මීට කලින් මේ ගැන කිවත් කියනවා. අන්තිමේට ස්කයිලර් වොල්ටර්ට කියන්නේ මෙච්චර මිනි මරපු එකේ ජෙසිවත් මරලා දාමු කියලයි.

ඔය අතරේ මේරි මේ හැම දේම දරාගන්න බැරිව එයාගේ මානසික උපදේශක ඩේව් ලගට යනවා. හැබැයි ඉතින් එයාට ඒකෙන් හිතේ සහනයක් ලැබෙන්නේ නෑ වගේ. ඇත්තටම ජෙසිට මොකද වුනේ? එයා වෝල්ටර්ගේ ගෙදරට ඇවිත් ගිනිතියන්නම හැදුවා. හැබැයි වාසනාවට හරි අවාසනාවට හරි එතනට හැන්ක් ආවා. බලාගෙන යද්දි හැන්ක් හැමවෙලේම ජෙසීගේ පස්සෙන් ඇවිල්ලා. කොහොම හරි ජෙසි ඉන්න තත්වයත් එක්ක හැන්ක්ට පුලුවන් වෙනවා ජෙසිගෙන් වෝල්ටර්ට විරුද්ධව සාක්ෂියක් ගන්න. එයා මෙච්චර කාලයක් පුරාවට වුන මේ මෙත් බිස්නස් එකේ හැම සිද්ධියක්ම හැන්ක්ටයි ගෝමිටයි කියනවා. ඒ හැමදේම ශ්‍රේඩර් විඩියෝ කරනවා. හැබැයි ඉතින් හැන්ක්ටයි ගෝමිටයි තියෙන එකම ප්‍රශ්නය මේ මෙත් ගහපු පොඩි කොල්ලෙක් කියන කතාව වලංගු එකක්ද කියන එක.

ඔය වෙලාවේ තමයි ජෙසීගේ ෆෝන් එකට වොල්ටර්ගෙන් කෝල් එකක් එන්නේ. වොල්ටර් ප්ලාසා එකකදි ජෙසිව හම්බවෙන්න කැමතියි කියනවා. හැබැයි ඉතින් වොල්ටර්ගේ හැටි දන්න ජෙසි නම් මේකට කැමති වෙන්නේ නෑ. මෙයා කියන්නෙම එතනට ගියොත් ‍‍ජෙසිව මරලා දාවි කියලයි. හැබැයි ඉතින් ශ්‍රෙඩර්ගේ බලකිරිම නිසා මෙයා යන්න කැමති වෙනවා. ඇත්තම කතාව නම් ශ්‍රේඩර්ට ඕනි ජෙසිව මැරිලා හරි කමක් නෑ වෝලටර්ගෙන් එයා කරපු දේවල් ගැන සාක්ෂියක් ගන්නයි. ඉතින් කලින් කතා වුන විදියට ජෙසී වොල්ටර් මුණගැහෙන්න ප්ලාසා එකට යනවා. නිකන් නෙවෙයි ඇගට මයික් එකකුත් හයි කරනගෙන. වොල්ට් ඉන්න තැනට යන අතරතුර ජෙසී හයේ හතරේ මිනිහෙක්ව දකිනවා. එයාට හිතෙනවා වොල්ටර් මෙයාව මරන්න කට්ටිය දාලා කියලා. ඉතින් වොල්ටර් මුණගැහෙන එක පැත්තක තියල ජෙසී වොල්ටර්ට කෝල් එකක් අරගෙන තර්ජනය කරනවා. මේ ගැන නම් ශ්‍රේඩර්ට හොදටම තරහා යනවා මොකද අතට ආපු හොදම චාන්ස් එකනේ මිස් වුනේ. හැබැයි ජෙසී කියන්නේ වොල්ටර්ව කොටු කරගන්න මීටත් වඩා හොද ක්‍රමයක් තියෙනවා කියලයි.

More from Season 5

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons