GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 5 - Episode 10
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Buried ⚰️ - වළදැම්මා

S5 E10
Select Server
9.5
2008

Episode Storyline

Walter hides his money; Skyler makes a stand.

කලින් කොටසේ මුලින් පෙන්වපු විනාඩි 5 ටිකක් විතර අපිව පිස්සු වට්ටනවා වගේ තමයි. මොකද ඒකෙන් පෙන්නුවේ අනාගතයේ වෙන දෙයක් වගේ. ඒකෙ විදියට වොල්ටර් හයිසන්බර්ග් කියලා හැමකෙනාම දැනගෙන වගේම එයාගේ ගෙදරට පහර දිලා ඒ නිසාම සිල් තියලා වගේ. හැබැයි වොල්ටර් මේ ගෙදරට ඇවිත් අර එයා හංගලා තිබුන වස ටික අරගෙන යනවා.
අනාගතයේ මෙහෙම වෙද්දි වර්ථමානයේ ශ්‍රේඩර් වොල්ටර් ගැන සැක හිතන්න පටන් ගත්තා. එයා වොල්ටර්ගේ ගෙදරින් ගෙනියපු පොතුයි ගේල් ලියපු පොතයි සංසන්දනය කරලා තේරුම් ගන්නවා මේ කියන W.W වෙන කවුරුත් නෙවෙයි වොල්ටර් තමයි කියලා. ඉතින් එයා වැඩට යන්නේ නැතිව කාටත් හොරෙන් මේ හැම සිද්ධියකම සාක්ෂි ගෙදරට ගෙන්වාගෙන ඒවා එකි‍න් එක සම්බන්ධ කරන්න උත්සහ කරනවා. ඔය අතරේ වොල්ටර් අර මෙත් හදන වැඩෙන් අයින් වෙලා කාර් වොෂ් එ‍කේ වැඩත් එකත් එක්ක සාමාන්‍ය ජිවිතයක් ගත් කරන්න උත්සහ කරනවා. හැබැයි ඉතින් ලඩියා මෙයාව හොයාගෙන එනවා ආයෙමත් ටික දවසකට වැඩට එන්න කියලා කියන්න. කොහොම හරි අන්තිමේට ලඩියට යන්නේ වෙන්නේ ස්කයිලර්ගේ බැනුමුත් අහගෙන. ඒ වගේම ජෙසී ආයෙමත් පිස්සු නටන්න පටන් ගත්තා. එයා වොල්ටර් දුන්න මිලියන පහ අරගෙන ‍සෝල් ලගට ගිහින් ඒ සල්ලි බාගය ගානේ අර කාන්තාරයේ මරපු පොඩි ළමයගේ ගෙදර අයටයි මයික්ගේ මිනිබිරියටයි දෙන්න කියලා කිවා. මේ මෝඩ තිරණය ගැන කොච්චර තේරුම් කලත් ජෙසී ගණන් ගත්තෙවත් නෑ. අන්තිමේට වොල්ටර් සම්බන්ද වෙලා තමයි එයාට මේ දේවල් තේරුම් කලේ. හැබැයි ඉතින් ජෙසී ඒ සල්ලි පාවිච්චි කරන්නේ නැතිව නිකන් බෙදලා දාන්න පටන්ගත්තා.
අන්තිමේට වොල්ටර් එයාගේ පොත නෑ කියලා දැනගෙන්නවා. එයාට නිකමට හිතනෙවා ඒ පොත ශ්‍රේඩර් ගෙනියව්වාවත්ද කියලා. ඒ නිසා එයා ශ්‍රේඩර්ව හම්බවෙන්න එයාගේ ගෙදරට යනවා. එතනට ගිහින් ශ්‍රේඩර් එක්ක සාමාන්‍ය කතාවක් කරපු වොල්ටර් හැරිලා එන්න හදලා ආයෙමත් ගිහින් එයාගේ කාර් එකේ හයි කරලා තිබුන GPS එක ගැන ශ්‍රේඩර්ගෙන් අහනවා. මේ වෙලාවේ තමයි ශ්‍රේඩර්ගේ හිතේ තිබුන හැම තරහක්ම පිට වෙන්නේ. වොල්ටර්ට ලේ පනින්නම පාරක් එයා ගහනවා. ඒ විතරක් නෙවෙයි වොල්ටර්ට ශාප කරලා එයාව අනිවාර්යයෙන් අල්ලාගන්නවා කියනවා . මේ වෙලාවෙත් වොල්ටර් අනන් මනන් කතා ශ්‍රේඩර්ට කියනවා. ඉතින් වොල්ටර් කියපු දේවල් එක්ක ශ්‍රේඩර් මොනවා කරයිද? මේ හෙලිදරව්ව එක්ක වොල්ටර්ගේ අනාගතය මොන වගේ එකක් වේවිද?

More from Season 5

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons