⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Peleliu Hills - පෙලෙලූ කඳුවැටිය
Episode Storyline
හැමෝටම මතකනේ කලින් කොටසේදි පෙලෙලූ වල ජපන්නු හා මැරීන්ලා අතර සිදු වුන අති බිහිසුණු සටන. ඉතින් ජපන් කාලතුවක්කු ප්‍රහාර වලින් බේරිලා ගුවන් තොටුපොලෙන් එහාට පැන ගන්න මැරීන් බළකාය සමත් වුනත් ඔවුන්ට තාමත් මේ සටනේ අවසානයක් දකින්න හම්බ වෙලා නැහැ. මොකද ඔවුන්ට සටන් කරන්න වෙන්නේ බිය නොහඳුනන සහ යටත් නොවෙන අතිදක්ෂ ජපන් සොල්දාදුවන් පිරිසක් සමඟයි. ඒ විතරක් නෙමේ මේ ජපන් සොල්දාදුවො ටික පොළව යට හදපු බංකර් සහ ගුහා වල හොඳින් සැගවිලයි ඉන්නේ. ඉතින් මැරීන්ලට සිදු වෙනවා මේ ගුහා එකින් එක පරීක්ෂා කරල බලලා එහි සැගවී සිටින ජපනුන්ව ඉවරයක් කරන්න. ඒත් ඒ හැම අවස්තාවකදිම ඔවුන්ට ජපනුන්ගෙන් තදබල ලෙස ප්‍රහාර එල්ල වෙනවා. ඒ විතරක් නෙමේ මේ සටනෙදි ඇමරිකාව මානව හිමිකම් ආරක්ෂා කරන හැටි ගැනත් හොඳට බලා ගන්න පුලුවන් වෙයි. 😛
ඉතින් පෙලෙලූ වල එහෙම බිහිසුණු සටනක් යන කොට ඇමරිකාවට වෙලා ඉන්න ජෝන් බැසිලෝන්ටත් එහෙ ජීවිතය එපා වෙනවා. තමන්ගේ සහෝදර සෙබලු යුධ බිමේ සටන් වදිනකොට ඔහුට ගත කරන්න වෙන ඒකාකාර ජීවිතය ගැන ඔහු තුල කලකිරීමක් ඇති වෙනවා. ඔය අතරේ පෙලෙලූ වල සටන් වදින ඉයුජින් සිය පළවෙනි ජපන් භටයා මරා දමන්න සමත් වෙනවා. ඒ විතරක් නෙමේ මැරීන් බළකායට තමන් ගොඩක් ආදරය කරපු දක්ෂ මැරීන් සෙබලු දෙදෙනෙක්ගෙන් සදහටම සමු ගන්නත් වෙනවා.මේකෙදි පෙන්වන තවත් එක් විශේෂ දෙයක් තියනවා. ගොඩක් වෙලාවට අපි චිත්‍රපටි වලින් දකින්නේ යුධ වීරයෝ විතරනේ. ඒත් මේකේ යුද්ධය නිසා සමහර සෙබලු බිය නිසාම මානසිකව වැටෙන හැටිත් පෙන්වනවා.
ඉතින් තවත් මේ ගැන වැඩිපුර ලියන්න ගියොත් ඒක කතාවේ රසයට බාධාවක් වෙන නිසා ඔයාලම ඉයුජින් ස්ලෙජ්ගේ සටන් බිමේ අත්දැකීම් ටික බලල ඉන්න. ඒ විතරක් නෙමේ සoවේදී අය මේක නොබලනවනම් වඩාත් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ. එහෙනම් යාලුවනේ ඉක්මනටම අට වෙනි කොටසෙන් අපි ආයිත් හමුවෙමු. 🙂
බයිස්කෝප් උපුටා ගැනීමකි.
More from Season 1
Guadalcanal / Leckie - ග්වාඩකැනල් දිවයින
51 min
Basilone - ජෝන් බැසිලෝන්
53 min
Melbourne - මෙල්බර්න්
53 min
Gloucester / Pavuvu / Banika - ග්ලෝස්ටර් තුඩුව
56 min
Peleliu Landing - පුවූවු සහ පෙලෙලූ
50 min
Peleliu Airfield - පෙලෙලූ ගුවන් තොටුපොල
58 min
Peleliu Hills - පෙලෙලූ කඳුවැටිය
58 min
Iwo Jima - ඉයෝ ජිමා
54 min
Okinawa - ඔකිනාවා
56 min
Home - නැවතත් ගෙදරට
51 min