GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 4 - Episode 8
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Lazaretto - දුශ්ඨ සැලසුම්

S4 E8
Select Server
7.4
2014

Episode Storyline

පසුගිය සතියේ සිද්ධවුනු දේවල් ගැන කියන්න වැඩි දෙයක් නැති වුනත් වැදගත් සිදුවිම් කීපයක්ම දැනගන්න ලැබුණා. ඒ තමයි ඩොක්ටර් වැලෙක් මොනවද මේ ප්‍රතිකාරය හොයනවාට අමතරව කරන්න යන්නේ කියන එක ගැන. ජෝර්ජියෝගේ මන්දිරයට චැන්ඩ්ලර් කඩා වැදිලා ඒ වැලෙක්‘ගේ පර්යේශණ විස්තර හෝ වැලෙක්‘ගේ විද්‍යාගාරේ තියෙන තැනක් පිලිබදව හෝ හෝඩුවාවක් ලබාගැනීම තමයි මෙහෙයුමේ පරමාර්ථය වෙලා තිබුනේ. කොහොම වුනත් මේ අතරේ ඕමාර් ජොර්ජියෝව හොයාගෙන ඇවිත් එතන ලොකු විනාශයක් සිද්ධ කරනවා. බර්ක් ඕමාර්ට බෝම්බයක් අටවලා පැනගන්නේ ස්පාඤ්ඥයේ රෝටා හමුදා කදවුරට ඕමාර් කරපු බෝම්බ ප්‍රහාරයක් නිසා තමුන්ගේ අයියට සිද්ධවුනු දේට පලිගන්නත් එක්කමයි. මේ අතරේ ජෝර්ජියෝවත් අරගෙන නේවි එක පැනගත්තත් බෝම්බය ගැන නොදැන ජෝර්ජියෝ නැවතත් ගේ ඇතුලට පැනගන්නවා. ඒ අතරේම තමයි ඕමාර් එක්කම බෝම්බයත් පුපුරන්නේ. නේවි එක දැනට විශ්වාස කරන විදියට නම් ජෝර්ජියෝත් මැරිලා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ජෝර්ජියෝගේ මාලිගාවෙන් ගත්තු දත්ත විකේතනය කරාට පස්සේ කේරාට දැකගන්න ලැබෙනවා ලැබ් එක තියෙන තැන අක්ශාංෂ එකිනෙකට වෙනස් වග. මුලදී රහස් ලේඛනගත අක්ශාංෂ කියලා හිතුවත්, පස්සේ දැනගන්න ලැබෙනවා ඒ එකිනෙකට වෙනස් වෙන කේතාංක සියල්ලක්ම මුහුද මැද පිහිටලා තියෙන වග. ඒ වගේම ඒ හැම කේතාංකයක්ම එකිනෙකට පිටුපසින් වැටී තිබෙන වග. මේ අනුව හැමෝම අනුමානයකට පැමිනෙන්නේ වැලෙක්‘ගේ විද්‍යාගාරය තියෙන්නේ නැවක් තුල වන වග. ඒ වගේම හොරකම් කරගන්න ලැබුණු දත්ත වල තිබුණු වීඩියෝවක් නිසා හැමෝටම ඩොක්ටර් වැලෙක් කියන්නේ කොච්චර නම් භයානක පිස්සෙක්ද කියලා අවබෝධ වෙනවා. ඩොක්ටර් වැලෙක් රෙඩ් රස්ට් වලට ප්‍රතිකාරයක් සොයන එකෙන් නොනැවතී නොස්ටෝස් බාවිතයෙන් මිනිසාට තරහා යන එකත් රෝගයක් ලෙස සලකලා ඒකට ප්‍රතිකාරයක් සොයන්නයි පරීක්ශණ සිදු කරන්නේ. බලන්න ලැබුණු වීඩියෝව අනුව නම් ඒක සාර්ථකව සිදු කරපු වගක් හැමෝටම පෙනුනා. මේ විදියට මිනිස්සුන්ගේ තරහා නැති කරලා දැමමත් වගේම, ඒ විදියට නොස්ටෝස් වලින් නිස්සාරණය කරගත් මත්ද්‍රව්‍ය නිසා එය එන්නත් කරපු කෙනා තවකෙක් කියන කියන දේ ඒ ආකාරයෙන්ම පෙලඹෙනවා. මෙයින් ඩොක්ටර් වැලෙක් විසින් මිනිසාගේ නිදහස් චින්තන හැකියාවත් නැති කරලා දැමිමක් තමයි සිදු වෙන්නේ. ඉතිං වෛරසය නිසා විකෘති වුනු ශාකයක් වුනු නොස්ටෝස් මාර්ගයෙන් ඩොක්ටර් වැලෙක් මනසට බලපාන මත්ද්‍රව්‍යක් හැදුවා නම් එම මත්ද්‍රව්‍ය මොන විදියට ලෝකෙට බෙදා හරීවිද. ඒ ගැන වගේම තවත් ගොඩක් දේවල් අද කතාවෙන් හැමොටම බලාගන්න පුළුවන් වේවි.

More from Season 4

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons