GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 4 - Episode 5
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Allegiance - නාවික දිවුරුම

S4 E5
Select Server
7.4
2014

Episode Storyline

ඉතිං මේ හැම දෙයක්ම වුනාට පස්සේ කැප්ටන් ස්ලැටරි බොහෝම අමාරුවෙන් ගැහැණු කෙනෙක් ඉන්න ගෙයක් ඇතුලට ගිහිල්ලා හැංගෙනවා. ඒ ගෑණු කෙනා තුවාලයට ගොඩ වෙදකමක් කරලා කැප්ටන්ට නොස්ටෝස් බොන්න දෙනවා. ඉතිං මේ නොස්ටෝස් කියන්නේ මොනවද කියලා දැන් කවුරුත් හොදටම දන්නවා. වෛරසය නිසා ශාක ගුණය විකෘති වෙලා මත්ද්‍රව්‍යක් විදියට සැකසුනු ශාකයක් තමයි නොස්ටෝස් කියලා කියන්නේ. ඉතිං කැප්ටන් දූපතේ හැංගිලා ඉන්න අතරේ කැප්ටන් සොයන්න ගියපු කණ්ඩායම් මුලින්ම තීරණය කරන්නේ ඇල්ෆා සහ බ්‍රාවෝ යන පිටවීම් දෙකකින් එකකට කැප්ටන් ගමන් කරාවි කියලා. ඒත් දූපතේ තත්වය අනුව පිටවීම් දෙකම අවලංගු කරනවා. මේ අතරේ කොහොමහරි සාශා තමයි ගොඩබිම කණ්ඩායම් වලට අණ දෙන්නේ. කැප්ටන් චැන්ඩ්ලර්ටත් ඇක්ශන් අස්සේ කොහොමහරි අණදෙන පුරුද්ද අරෙහෙන් මෙහෙන් මතුවුනු හැටි කතාව බැලුවා නම් තේරෙන්නට ඇති. චැන්ඩ්ලර් සමග පාබල කණ්ඩායම් දිගින් දිගටම කැප්ටන් ස්ලැටරි සොයන අතරේ නොස්ටෝස් බීපු කැප්ටන් ස්ලැටරි තුවාලයකුත් තියාගෙන කොහොමහරි බීජ ටික ආරක්ශා කරගෙන දෙව් මැදුරු කුලුණට නැගලා නැවට කණ්නාඩියක් හරහා මෝර්ස් කේත භාවිතයෙන් තමුන් ඉන්න තැන ගැන හෝඩුවාවක් දෙනවා. මෙතැනදී හෙලිකොප්ටරයෙන් උදව් කරන්න ආවත් ග්‍රීක යුධ නැවෙන් හෙලිකොප්ටරයට මිසයිල ප්‍රහාර එල්ල කරන නිසාවෙන් කැප්ටන්ව බේරාගැනීම තරමක් ප්‍රමාද වෙනවා. මේ නිසා තමයි හැමෝම ඇල්ෆා සහ බ්‍රාවෝ පිටවීම් අතහැරලා දාලා කැප්ටන් සමගම බීජ ටිකත් බේරගන්න දෙව් මැදුරු කුලුණට යන්නේ. මේ අතරේ නේතන් ජේම්ස් මිසයිල ප්‍රහාරයන් විනාශ කරලා තමුන් ඉන්න තැනත් ග්‍රීක යුධ නැවට ව්‍යාජ බීකන් එකක් මාර්ගයෙන් පෙන්නුම් කරලා කවුරුත් පරිස්සමට පැනගන්නේ හෙලිකොප්ටරයට දෙව්මැදුරු කුලුණට ලඟා වෙන්න අවස්ථාව සලසා දෙමින්. අවසානයේදී කවුරුත් කැප්ටන්ව බේරගෙන චැන්ඩ්ලර් සමගම නැවට ගොඩවෙන්නේ ලොකු ජයග්‍රහණයක් හිතේ තියාගෙන. නැවට ගොඩවෙන අවස්ථාවේ මාස්ටර් චීෆ්ට රස්ට නම් ගොඩක්ම සතුටු හිතුනේ බීජ ටික ගෙනාපු එකටත් වඩා කැප්ටන් චැන්ඩ්ලර් නැවට ආපහු ගොඩවැදුනු එක නිසාමයි. කැප්ටන් නැවට ආවට පස්සේ මොන වගේ දෙයක් වේවි ද? නැව අතහැරලා දාලා අවුරුදු එක හමාරක විතර කාලයක් නැවෙන් ඈත් වෙලා හිටපු කැප්ටන්ට තමුන් යටතේ හිටපු සෙබලු මොන විදියට සලකාවිද? කැප්ටන් චැන්ඩ්ලර් නැවතත් නැවට ගොඩවැදුනු එක ගැන නැවේ අය හිතන්නේ මොනව ද?

More from Season 4

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons