GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 5 - Episode 10
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Last Ship - අවසන් නෞකාව

S5 E10
Select Server
7.4
2014

Episode Storyline

The Last Ship කතා මාලාවේ අවසාන කතාංගය. ඒ කියන්නේ අද කතාංගයෙන් පසුව මේ කතා මාලාව අවසන් වෙනවා. 😛 කතා මාලාව පටන් ගත්තේ ලෝකය පුරාම වසංගත මට්ටමෙන් පැතිරී ගියපු රෙඩ් ෆ්ලූ හෙවත් රතු උණ කියන්නාවූ වෛරසයක් මූලික වුනු රෝගයක් සම්බන්ධව. නේතන් ජේම්ස් නෞකාව හදිසියේම ආක්ටික් වෘත්ත සමීපය දක්වාම යුධ පුහුණු අභ්‍යාසයක් වෙනුවෙන් දියත් කර යවන්නේ නාවුක සෙබලුන්ට අමතරව යුධ අභ්‍යාස වලට සම්පූර්ණයෙන්ම පරිභාහිර තවත් වෙනත් මගීන් දෙදෙනෙකුත් ඔවුන්ගේ ආම්පන්නත් සමගයි. ඒ මගීන් දෙදෙනා ඩොක්ටර් ක්වින්සි ටොෆෙට් සහ ඩොක්ටර් රේචල් ස්කොට් යන අයයි. යුධ අභ්‍යාස අතරේ නාවුක කටයුතු කිසිවකට බලපෑමක් නොවන අයුරින් නැව තුල තමුන්ගේ කටයුතු සිදුකරගෙන යන වෛද්‍යවරු දෙදෙනාට යුධ අභ්‍යාසය අතරේ ආක්ටික් හිම අතරේ විද්‍යාත්මක පරීක්ශණ වලට අවැසි යයි පවසන ජෛව සාම්පල කිහිපයක් ලබාගැනීමට අවශ්‍ය යැයි කපිතාන් චැන්ඩ්ලර් ගෙන් අවසර ගෙන පිටත් වෙනවා. මේ අතරතුර රුසියන් යානා කිහිපයකින් වෛද්‍යවරු දෙදෙනාට මෙන්ම සමීපයේ සිටි නාවුක සෙබලුන්ට ප්‍රහාර එල්ල වීමත් සමග වෛද්‍යවරුන්ගේ වැඩ කටයුතු නාවුක හමුදාවට බාධාවක් මෙන්ම ගැටලුවක් බවට පත් වනවා. මාස ගනනාවකින් සතුරු ප්‍රහාරයකට හෝ අන්තරායකට ලක් නොවුනු නේතන් ජේම්ස් නෞකාවට මෙම ගැටලුව විසදාගැනීමට මෙතෙක් වෛද්‍යවරු දෙදෙනාගෙන් නොවිමසූ රහස් පෞද්ගලික පරීක්ශණ කටයුතු පිලිබද විමසා සිටීමට කපිතාන් චැන්ඩ්ලර්ට සිදු වෙනවා. මේ විමසීම යටතේ මාස ගනනාවක් මුහුද මැද ගොඩබිම සමග සම්බන්ධතාවයක් නොමැතිව ලෝකයෙන් හුදකලාව පසුවුනු නෞකාවේ නාවිකයින්ට වෛද්‍යවරිය හරහා ගොඩබිම සිදුවන සැබෑ සිදුවීමත් නැවට මුහුණ දීමට සිදුවුනු හදිසි යුධ අභ්‍යාසය නාවික හමුදාව සැබෑ අරමුණ වසන් කිරීමට රජයෙන් ගෙතූ බොරුවක් බවත් හෙලිදරව් වෙනවා. එහිදී නේතන් ජේම්ස් නෞකාවේ සැබෑ අරමුණ ගොඩබිමින් හුදකලාව භයානක වෛරසයට ලඟා වීමට නොහැකි හුදකලා ස්ථානයක සිට ගොඩබිම ජීවය වසනසා වසංගතයකට ප්‍රතිකාරයක් සෙවීම බව වටහා ගන්නවා. මෙහිදී ගොඩබිම තම පවුල් වලට සහ ආදරණීයයන් හමුවීමේ බලාපොරොත්තුව සුන්වුනු නාවිකයින් අතර කලබලකාරී තත්වයක් ඇතිවන නමුත් නැවේ ප්‍රධානීන් විසින් ඒ සියල්ල සමථයකට පත්කොට එකමුතු කම පවත්වාගෙන යමින් වෛද්‍යවරු දෙදෙනාගේ අරමුණ කරා ලඟා වීමට සියලු දෙනා එකා මෙන් කටයුතු කර සිටිනවා. මෙහි ප්‍රථිපලයක් ලෙස ප්‍රතිකාරය සොයාගැනීමට ඩොක්ටර් රේචල් ස්කොට්ට සහ ක්වින්සි ටොෆෙට් යන දෙපලට හැකියාව ලැබෙනවා. මේ සිදුවීමෙන් පසුව ප්‍රතිකාරයත් සමග තම තමන්ගේ පවුලේ උදවියන් ජීවත් වී සිටිනවා ඇති යන බලාපොරොත්තුවෙන් සියලු දෙනාම තම මව් රටට යන නමුත් එහි දේශපාලන ඒකක වෙනස් වී එ්ක පුද්ගල අභිමතාර්ථයක් යටතේ පාලනය වෙන ඇමරිකාවකට ගොඩවැදුනු බවක් කැප්ටන් චැන්ඩ්ලර් ඇතුලු පිරිසට වටහාගැනීමට වැඩි වේලා ගතවෙන්නේ නෑ. තමුන් රුසියන් නෞකාවක් සමග දිවි පරදුවට තබා සටන් කරමින් නිපදවා රැකගෙන ආ ප්‍රතිකාරය සියලුදෙනාට ලබා නොදී තෝරාගත් පිරිසකට පමණක් ලබාදීමට එරෙහිව නැවතත් නේතන් ජේම්ස් සටන් කොට ප්‍රතිකාරයේ අයිතිය සෑම දෙනාටම උරුම කොට දෙනවා. මේ අතරේ ස්වාභාවිකවම වෛරසයට ප්‍රතිශක්තිය දැක්වූ පිරිසක් එකට එක්ව ඔවුන් දෙවියන් විසින් තෝරාගත් උතුම් පිරිසක් යන මෝඩ අදහසක් සිතේ පෙරදැරි කරගෙන ප්‍රතිශක්තිකයින්ට පමණක් මේ මහපොලොව අයිතියි යන අදහසින් ලෝකයේ පාලනය ඔවුන් අතට ගැනීමට පිරිසක් නැගී සිටීමට පටන් ගන්නවා. නේතන් ජේම්ස් නාවුක පිරිසට මෙයට මුහුණ දීමට සිදුවන්නේ ප්‍රතිකාරය ලොව පුරා බෙදාහැරීමත් ඇමරිකාව තුල නව රජයක් පිහිටුවාලීමත් යන අභියෝග දෙකට මුහුණ දීමට සිදුවුනු අවස්ථාව අතරයි. ඔවුන් සමගත් සටන් කොට ජයගන්නා නේතන් ජේම්ස් නෞකාව ඇතුලු නාවුක පිරිසට ඇමරිකාව තුල නව රජයක් පිහිටුවාලීමට හැකියාවක් ලැබෙනවා. මේ ඇමරිකාව තුල නව රජයක් පිහිටුවීමේදී නීත්‍යානුකූල වශයෙන් ජනාධිපති වරම් ඇති පුද්ගල ලැයිස්තුවෙන් තෝරාගත් පුද්ගලයා ලෙස ජෙෆ්රි මිචෙනර් ජනාධිපති වශයෙන් පත්කොට සිටිනවා. නමුත් මෙම පාලන තන්ත්‍රය තුල තම තමුන්ගේ මඩිය තර කරගැනීමට මාන බලන ප්‍රාදේශීය නායකයින් එකට සංවිධානගතව රට ප්‍රාන්ත වශයෙන් තමුන්ගේ භූමි ප්‍රදේශයන් ලෙස රට කොටස් වලට කඩා වෙන්කරගෙන පාලනය සිදු කරනවා. එමෙන්ම තමුන්ගේ රට බේරාගැනීමට මූලිකව කටයුතු කරන ලද නේතන් ජේම්ස් කපිතාන් ටොම් චැන්ඩ්ලර් දේශද්‍රෝහියෙක් වශයෙන් හංවඩු ගසා ලෝකයක් බේරාගත් පුද්ගලයින්ට තම රට නීතිවිරෝධී තැනක් බවට පත්කරනවා. එහෙන්ම නේතන් ජේම්ස් නෞකාව පවා විනාශ කිරීමට ඔවුන් කටයුතු කරත් ඒ උත්සාහය නාවිකයින්ගේ උපාය හමුවේ ව්‍යර්ථ වනවා. එමෙන්ම චීනයේ එවකට ජනපති ලෙස පත්වී තිබූ පෙන්ග් විසින් ප්‍රතිකාරයේ බලය නැතිවී වෛරසයෙන් මිනිසුන් තවදුරටත් මැරෙන ලෙස ජපානයට එරෙහිවට කටයුතු කිරීමට රසායනික අවි භාවිත කරනවා. තමුන්ගේ රට තමුන්ට ද්‍රෝහි වන අතරේ චීනයත් තමුන්ව දඩයම් කරන අතරේ, චීනයේ නොමගයැවීමට ලක්වුනු ජපානය නේතන් ජේම්ස් වලට සතුරු කම් කලත්, අවසානයේ සත්‍ය වටහාගන්නා ජපානය නේතන් ජේම්ස් සමග එකට එක්ව චීනයට එරෙහිව සටන් කරනවා. එමෙන්ම අවසානයේ උපායශීලීව ඇමරිකාව නැවතත් තනි රටක් ලෙස තනි නීත්‍යානුකූල ජනපති පාලනයට නතුකරගැනීමට නාවුක හමුදාවට හැකියාව ලැබෙනවා. මේ සියලු දේශපාලනික ගැටලු වලින් පසුව සාමකාමීව කලක් ලෝකයේ වගතුග ගලාගෙන ගියත් සොබාදහම නැවතත් ලෝකයට පාඩමක් ඉගැන්වීම සිදු කරනවා. ඒ රතු උණට හේතුකාරක වුනු වෛරසය බෝග වලට වැලදීම දක්වා විකෘතිතාවයට පත්වීමයි. මෙහිදී සත්ව විශේෂයන්ට මෙම වෛරසය හානිදායක නොවූවත් භෝග වගාවන්ට මෙම වෛරසය නිසා හානි පැමිණීමත් සමග සාගත තත්වයක් ලොව පුරා පැතිරී යනවා. එමෙන්ම වෛරසය නිසා වීකෘතිතාවයට පත්වුනු නිවිති විශේෂයක් මත්ද්‍රව්‍යක් ලෙස ලොව පුරා පැතිරීමකුත් සිදුවීම නිසා කුසගින්නේ වේදනාව නිවාගැනීම පිනිස බොහෝමයක් මිනිසුන් නොස්ටෝස් නම් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීම සිදු වෙනවා. මත්ද්‍රව්‍යයේ ප්‍රභලත්වය නිසා එක්වරක් භාවිත කිරීම පමණක්ම එයට ඇබ්බැහි වීමට ප්‍රමාණවත් වනවා. මේ අතරේ විප්ලවකාරී දාර්ශනික අදහස් දරන වැලෙක් නම් උද්භිද විද්‍යාඥයෙක් විසින් රෙඩ් රස්ට් වෛරසයට ප්‍රතිශක්තිය දක්වන ලෝක බීජ බැංකුවෙන් සොරාගත් පෞරාණික පාම් බීජ භාවිත කොට මෙම රෙඩ් රස්ට් වෛරසයට ප්‍රතිකාරයක් නිර්මාණය කරනවා. නමුත් මෙම ප්‍රතිකාරයත් සමග ඔහු නොස්ටෝස් මත්ද්‍රව්‍ය භාවිතා කොට මිනිසුන්ගේ මොලයේ තරහා පාලනය වන කොටස් අක්‍රීය වෙන ආකාරයේ රසායනිකයකුත් මෙම රෙඩ් රස්ට් ප්‍රතිකාරයෙන් බලගන්වන ලද ශාක වලට ඇතුලත් කරනවා. මෙහිදී වෛරසයට ඔරොත්තු දෙන ශාක වලින් ලබාගෙන සකසාගන්නා ආහාර අනුභවය නිසා මිනිසාට ස්වභාවිකව උරුම වුනු හැඟීම් නිශේධනය වී මනුශ්‍ය ස්වභාවය හුදෙක්ම වෙනස් මිනිස් කොට්ඨාශයක් බවට පත්වීම වැලැක්වීම පිණිස නේතන් ජේම්ස් ඇතුලු කණ්ඩායමට ග්‍රීක නාවුක යුධ කණ්ඩායමක් සමග පවා සටන් වදින්නට සිදු වෙනවා. අවසානයේ ජයගන්නා නේතන් ජේම්ස් ඇතුලු නාවුක කණ්ඩායමට නොස්ටෝස් නොමැති පිරිසිදු ප්‍රතිකාරයක් ලෝකය පුරා පතුරුවා රෙඩ් රස්ට් නිසා ඇතිවුනු ලෝක සාගතය නිමා කරන්න හැකියාව ලැබෙනවා.

More from Season 5

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons