GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 5 - Episode 1
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Casus Belli - මරු පහර

S5 E1
Select Server
7.4
2014

Episode Storyline

පසුගිය කතා සමයන් වලදී ජීව විද්‍යාත්මක අතින් මූලික වුනු කරුණු, ඒ කියන්නේ වෛරස නිසා ඒ ඒ අදියරයන් ලෝක තත්වයට දේශපාලනයට වගේම සමාජ ක්‍රමයන්ට බලපාපු ආකාරයන් වගේම, ඒ බලපෑම් වලට නේතන් ජේම්ස් ඇතුලු කණ්ඩායමට මුහුණ දෙන්න සිද්ධ වුනේ කොහොමද යන ආකාරයන් තමයි අපි කතා වලින් බැලුවේ. ඒ අතරේ ඒ කතාවන් වල හිටපු චරිත වලට මැරෙන්න සිද්ධ වුනු බවත් ඔයාලට දකින්න ලැබෙන්න ඇති. ඒ නිසාම ගොඩක් අයට කතාව කෙරෙහි තිබුනු ආසාවන් නැතිවෙලා ගියා. නමුත් යුද්ධයක් පිලිබද කතාවක් වුනාම සතුරෝ ඉන්නවා නම් ඒ සතුරෝ අතින් හොද අය කොහොමත් මැරෙනවනේ. ගේම් ඔෆ් ත්‍රෝන් බලාපු අයට නම් ඕක තේරුම් ගන්න එක කජ්ජක් නෙමෙයි. 😀 නමුත් මෙදා පාර වෛරසයන් අතරින් සයිබර් වෛරසයකට මුහුණ දෙන බව නම් පසුගිය සමය අවසන් වනවාත් එක්කම වගේ නිකුත් වුනු පස්වෙනි සමයේ පූර්ව ප්‍රචාරක පටයෙන් බොහෝ දෙනෙක් දැනගන්න නම් ඇති. ඉතිං කතාව බලාගෙන ගියපු ගොඩක් අයට වගේම මටත් හිතුණු කාරණාවක් තමයි, ඕනේවටත් වඩා වෛරස් ගාගන්න ගියොත් කතාවේ වැඩක් නැතිවෙනවා කියලා. මොකද කිව්වොත් වෛරස් වුනත් සීමාවක් තියෙන්න එපැයි. නමුත් කතාව සිද්ධ වෙන විදියට නම් වෛරස් එකේ බලපෑම දිගටම කතා සමය පුරාවටම බලපාන්න පුළුවන් වුනත්, එහි ප්‍රධානතම හානිය පලමු කතාංගයෙන්ම ඉවරයක් වෙයි. ඒ කියන්නේ රෙඩ් ෆ්ලූ වගේම රෙඩ් රස්ට් කියන වෛරසයන් ජීවත් වෙන හැම තැනකම පැතිරිලා විනාශ කරනවා වගේ පරිගණක වෛරසයකට එහෙම ජීවත් වෙන්න නම් පරිගණකයක් තියෙන තැනක්ම වෙන්න ඕනේ නේ. ඒත් මෙතනදී එහෙම වෙන එකක් නෑ කියලයි හිතෙන්නේ. මොකද කිව්වොත් ඇතිවන පලමු ප්‍රහාරයෙන් පසුව සිදුවන ප්‍රධාන සිද්ධි දාමය හුදෙක්ම දේශපාලනික ගැටුමක් මැදි කොටගෙනයි ගලාගෙන යන්නේ. ඒ නිසා මෙදාපාර ප්‍රධාන හතුරා වෛරසයක් නෙමෙයි. දේශපාලනික ප්‍රතිවාදියෙක්. මේ නිසා කවුරුත් බලාපොරොත්තු වුනු ඇල්මැරුණු ගතියකට වඩා ලොකු වෙනසක් මේ අවසන් කතා සමයේ ගොඩක් දෙනෙකුට බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි වෙනදාටත් වඩා ලොකු හානි ප්‍රමාණයක් නේතන් ජේම්ස් ඇතුලු කණ්ඩායමට බලාපොරොත්තු වෙන්න වෙයි කියලත් හිතනවා.

More from Season 5

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons