⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
We Light the Way - මාර්ගය කල එලි කිරීම
Episode Storyline
නෙරංජි සහෝදරියගේ ලිපිය
කතාව ආරම්භ වෙන්නේ රෙනෙයිරා කුමරිය ඇය අකමැතිම ක්‍රියාකාරකම කරමින් දිනක් ගත කරන මොහොතකින්. ඇයව විවාහ කර ගැනීම සඳහා, සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට වෙස්ටරොස් වංශාධිපතීන්, කපටි, මෝඩ, වීර ආදී සියලු ආකාර වලින් උත්සාහ කරමින් සිටින අයුරු අපිට පෙනෙන්න තියෙනවා . මෙතැනදී, අනාගත රැජින හෝ රජුගේ දියණිය යන රූප දෙකෙන් කුමක් වුවත්, රාජ්‍යය සමඟ ගොඩනඟා ගන්නා වූ සෘජු සම්බන්ධතාවයක් නිසා සියලු දෙනාම ඊට දක්වන්නෙ විශාල උත්සාහයක් සහ උනන්දුවක්. කතා කර ගැනීමට නොහැකි මහල්ලන්ගේ සිට තවමත් පැටි විය ඉක්ම නොවූ කොලුවන් දක්වා ඈ වෙනුවෙන් ඉල්ලිම් කරනවා. පුරාජේරු කියනවා. සටන් කරනවා. මිය යනවා.
එහෙත් මෙතැනදී, මේ එන සෑම පුද්ගලයෙක්ම රෙනෙයිරා තුළින් දෙදෙනෙක් සමග සැසඳීමට ලක්වෙනවා. එක් අයෙක් ඇය ඒ මොහොතේ ගෙල බැඳ සිටින මාලය ඇයට තෑගි දුන් ඩේමන් ටාගේරියන්. අනෙකා ඇය පසුපස ආරක්ෂාවට සිටින සර් ක්‍රිස්ටියන් කෝල්. ඇය සෑම මොහොතකම, සිය ගෙලේ බැඳී මාලය අත ගාමින්, ක්‍රිස්ටියන් කෝල් දෙස බලමින්, ඔවුන් සසඳන බව පෙනෙනවා. ඇයගේ සිතේ මේ කිසිම අයෙක් ගැන පහන් හැඟීමක් නැති බව, ඇය නැගිට යන දසුනෙන් පෙනෙනවා වගේම, වඩාත් බිහිසුණු ලෙස එතැන ලේ වැගීරීමකුත් වෙනවා.
ඇගේ බාප්පා වන ඩේමන් ටාගේරියන් ස්ටෙප්ස්ටෝන්ස් හි ක්‍රැබ්ෆීඩර්ට එරෙහිව ඔහු කළ සටනට පසුව ඔටුන්නක් හිස දරා ආපසු පැමිණෙනවා. ප්‍රකෝපකාරී ප්‍රවේශයකින්, එමෙන්ම විකාර ප්‍රවේශයකින් පැමිණෙන ඔහු.. සියලු වංශාධිපතීන් ඉදිරියේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ අයුරින් තම සොහොයුරා වන විසේරිස් ට එනම් රජුට හිස නමා ආචාර කරන ආකාරය පෙන්වනවා. මෙය කථාංගයේ සමස්ත ගලා යාම සඳහා වේදිකාව නිර්මාණය කරනවා. ඔහුගේ විකාරරූපී පැමිණීම, සහ හිස නැමීම මහ රජුට ගෙන එන්නේ විශාල සහනයක්. එය ඔහු නිර්මාණය කළ සාදයෙන් හොඳින් පැහැදිලි වෙනවා. විසේරිස් නිරූපණය කරන්නේ ප්‍රශ්න වලට තමා ගේ තියෙන අකමැත්ත. ප්‍රශ්නයක් ඉක්මනින් ඉක්මනින් විසඳාගැනීමට හැකියාව ඇත්නම්, ඒ වෙනුවෙන් මිනියක් මරන්නට වුවත් දෙවරක් නොසිතන ඔහු එම ගැටලුවේ ඒ මොහොත ගැන පමණයි සිතන්නේ. විසේරීස් ගෙ තීරණ බොහෝ අවස්ථාවල ඔහුට ගෙන එන්නේ, අභාග්‍යය. ඒ අභාග්‍ය ඔහුට ගෙන එන්නෙම ඔහු විසඳුම් යැයි අර ගත් තීරණ.
එදින රාත්‍රියේ , ඩේමන් සිවිල් කොලු ඇඳුම් කට්ටලයක් රෙනීරා වෙත හොරෙන් ලැබීමට සලස්වන අතර එමඟින් ඔවුන්ට කිංග්ස් ලෑන්ඩින් හි සීඩියර් වීදි හරහා ත්‍රාසජනක ගමනක් යාමට හැකි වනවා. ඒ ගමන යාමට පෙර, තම නිදන කාමරයේ උපන් දා සිට නොදුටු රහස් දොරක් සොයා ගන්නට රෙනෙයිරාට හැකිවෙනවා. ඇගේ පිටවීම සිදුවන රහස් උමග සමඟ අපි හරි අපූරුවට දකිනවා.. මීයෝ මාලිගාව හාරන හැටි. එය ඇගේ පිටවුම සමඟ පෙන්වීමේ සංකේතය තමයි, මේ රෙනෙයිරා සහ ඩේමන් හමුවීමෙන් සිදුවන ක්‍රියාවලිය හරහා මාලිගාව ඇතුලතින් පුපුරා යෑමට ඉඩ ඇති බව.
වීදි රංගන ශිල්පීන්, වෙළෙන්දන් සහ ලිංගික ශ්‍රමිකයින් තම වෙළඳාමේ යෙදෙන මනුෂ්‍යයන් විශාල පිරිසක් එහෙ මෙහෙ යන වීදියේ ඔවුන් සාමාන්‍ය මිනිසුන් ලෙස එකට සැරිසරනවා. මෙම යුවළ එකට සැරිසරන අතරෙ, ත්‍රාසජනක විනෝදයක් ලෙස ආරම්භ වන දර්ශනය, ඩේමන් රෙනෙයිරාව ගණිකා මඩමකට ගෙන යන විට අඳුරු හා අමුතු හැරවුමක් ගන්න හැටි, ඔබ HBO හරහා හෝ HD තාක්ෂණයෙන් නැරඹුවොත් පෙනෙයි.
ඩේමන්ට හා ඇය එක්වන්න පෙර, අවසාන මොහොතේ, බලාපොරොත්තු සුන්වීමක් වගේ පෙනෙන්න තියනවා. ඒ සියල්ල කතාව අවසානයේ නිශ්ශබ්දව පිහිටුවන ලද, එහෙත් බලහත්කාරයෙන් කෙලෙසී ගිය ඔවුන්ගේ පවුල් ගතිකත්වය ඉදිරියට ගෙන ඒමට සමත් වෙනවා. මෙම අපකීර්තිමත් මොහොත නිර්මාණය වීම ඩේමන් හා රෙනෙරයිරාට ගෙන එන්නෙ බලාපොරොත්තු සුන් වන හැඟීමක්.. පළමුවැන්න නම්, පැහැදිලිවම, ඩේමන් සහ රෙනෙයිරා, අනුප්‍රාප්තිය සඳහා ප්‍රතිවාදීන් වුවත්, ආරම්භයේ සිටම එකිනෙකාට ඇලුම් කළ යුගලයක්. ආදර සමීකරණයේ රෙනෙයිරා ගේ පැත්ත සරල එකක්: ඇය මධ්‍යතන යුගයේ ඉහළ වැදගත් සමාජයක කාන්තාවක් ලෙස විසේරිස්ගේ නම් කරන ලද උරුමක්කාරයා යන ජීවිතයෙන් ගැලවී යාමට සමීප වූ එය උදුරා ගැනීමේ නිරන්තර අනතුරේ සිටින කෙනෙක්. ඇය නව යොවුන් වියේ පසුවන අතර, ඇගේ කැමැත්ත ප්‍රකාශ කිරීමට සහ ඇගේ ආශාවන් ඉටු කරගැනීම ගැන ඇය මංමුලා සහගතයි . ඇය බලාපොරොත්තු වන ප්‍රේමය ඇයට කුමරියක ලෙස කළ නොහැකි දෙයක්.
ඩේමන් ටිකක් සංකීර්ණයි. නමුත් භයානක නැහැ; ඔහු ඉතා ආත්මාර්ථකාමී ය, නමුත් ඔහුට අවශ්‍ය දේ සම්පූර්ණයෙන්ම ලබා ගැනීමට තරම් ඔහු බියගුලුයි. මෙය ඔහුව නිශ්චිතව කියවීමට පවා අපහසු කරන සිද්ධියක්. ඔහුට රෙනෙයිරා කෙරෙහි සැබවින්ම ආදර හැඟීම් තිබේද? බොහෝ විට එසේ නොවේ ද? ඔහුගේ ලැදිකම සැබෑවක් විය හැකිද? ඔහුගේ අවසාන අරමුණ ඇයව පොළඹවා ගැනීමද ? ඇයව ගණිකා මඩමකට ඔහු විසින් රැගෙන යාම අත්‍යවශ්‍ය ද? ඔහුගේ අරමුණ මිනිසුන් ජීවිතේ විඳින ආකාරය ඇයට පෙන්වීම පමණද? නැතහොත් ඔහු ඇයව ඓන්ද්‍රීයව තම දිනය ගත කරන ස්ථානයට රැගෙන ගියාද? එහිදී ඔහු තුළ ඇති බල ගතිකත්වය පැහැදිලි නමුත්, ඔහුගේ චරිතය කියැවීමට අවශ්‍ය කරන සමහර කාරණා හිස් වී තිබේ. ලැදිකමට එහා ගිය ප්‍රේමයක් ඒ මොහොතේ සංවර්ධනය නොවීම ඇයව ඔහු හැරයාමට හේතු වන්නට ඇත. පෞ නේහ් .
මෙතැනදී වීදිය සම්බන්ධව අප කතා කළ යුතු තවත් බොහෝ දේ තිබෙනවා. එකක් අප දුටු විදි නාට්‍ය. අප මේ වීදි නාට්‍ය දකින දෙවන පාර . ඔබට මතක ඇති, ආර්‍යා ස්ටාර්ක් GOTහී දුටු වීදි නාට්‍ය . ඒ වගේම, ජොෆ්‍රි රජ ගේ මඟුල් මරණ දා ඔබ දුටු වීදි නාට්‍ය. මේ සියල්ලේම අරමුණ, රාජ්‍යත්වය සහ රාජ්‍ය පාලනය පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් තිබුණු ආකාරය සහ පැවති ආකාරය පිළිබඳව ප්‍රේක්ෂකයාට සරලව පැහැදිලි කිරීම. එතනදී පවා අපිට පැහැදිලිව පෙනෙන්නට තියෙනවා , රාජධානිය රැජිනක ගෙන් ප්‍රීතිමත් නොවන බව. එමෙන්ම මෙතැනදී ඇයට අනාවැකියක් කීමට, මහලු කාන්තාවක් උත්සහ කරනවා. එතනදී ඇය එයට සවන්දීමට තරම් පරක්කු නොවුණත්, ප්‍රේක්ෂකයා ලෙස අප එය හොඳින් බලා සිටිනවා. ඔබ හොඳින්ම එම දර්ශනය බැලුවානම් , රෙනෙයිරා යම් දවසක මියයන ආකාරය ගැන අදහසක් ලබාගන්නට හැකිවේවි . මං ඕව කියලා, නිස්කාරණේ මොකටද කතා අහන්නෙ.
ඒ වගේම නගරය තුළ සැරිසරන දර්ශනයේදී , ඇයට පිරිමි ළමයෙකු ලෙස රැවටී ආමන්ත්‍රණය කිරීම පිළිබඳව, ඇය බොහොම සතුටු වෙනවා. ඒ ඇගේ සිත තුළ තිබුණු සිතුවිලි බව අපිට මැනවින් පෙනෙන්න තියෙනවා. තමන් පිරිමි දරුවෙකු වුණා නම් යන හැඟීම ඇගේ සිත තුල නිරන්තරයෙන් පවතින බව අපිට පෙනෙන්න තියෙනවා.
මේ සිදුවීම සමඟම අපට ඒ මොහොතේ මාලිගය තුල සිටින ඇලිසන්ට්ව අමතක කළ නොහැකියි. ඇය විටින් විට වයිෆයි ඩියුටි කරන හැටි සහ තවමත් යොවුන් වියේ සිටින අය, මහල්ලෙකු හා ගෙවන ජීවිතයෙන් ඒකාකාරීව සිටින හැටි අපිට පෙනෙන්නට තියෙනවා. ඇය යොවුන් ජීවිතය තුළ එක්තරා මොහොතක හදවතින් රැජනක් ලෙස සිටීම ප්‍රතික්ෂේප කරන බව අපට පෙනෙන්නට තියනවා. ඇය ඒ පිළිබඳව රජ කුමරිය සමඟ කතා කිරීමට පවා නිර්භීත වෙනවා . ඇය සහ රජු එකතුවන මොහොත ගැන කතා කළහොත්, එහිදී ඇයගේ නිද්‍රාශීලි ස්වරූපය පෙන්වන්නේ, ඔහු තෝරා දීම හා අනාගත වියවුල් සමුදායකට මේ නිසා ඇය වූ බව ඇගේ සිතැඟි ඇයටම දැන්වීම මගින් සිදු වූ බලවත් පීඩනය. එම අවස්ථාවේදී, ඇය එම ක්‍රියාවලියට එතරම් සූදානම් නොවූ බව ඇගේ ඇඳුම් හැඳ සිටීමෙන් පෙනෙන්න තියනවා.
එමෙන්ම ඉහළින් යන මීයන් ඇයට පෙනෙනවා. මාලිගාව ඇතුළතින් බිඳ වැටෙන්නට පටන් ගෙන ඇති බව ඇයට පෙනෙනවා. මෙහිදී රෙනෙයිරාට, ඩේමන් හමු වීමේ ආහ්ලාදයෙන් උමග දිගේ දුවගෙන යද්දි, එහි හිටි මීයො පෙනුනේ නැහැ. ඔවුන්ව දැක්කේ අපි පමණයි. නමුත් ඇලිසන්ට් මීයෝ විසින් කරන කඩාවැටීම දකිනවා. මේ මාලිගාව සහ ටාගේරියන් පරපුර ඉදිරියේ විශාල බිඳ වැටීමකට ලක් වන බව ඇයට සිය කම්මැලි සයනාගාර ක්‍රියාවලිය ඇතුළෙ පෙනෙනවා. එමෙන්ම එය තවත් සංකේතයකට මග පෙන්වනවා. එය මේ මොහොතේ විසේරිස් සහ ඇලිසන්ට් අතින් සිදුවන සයනාගාර ක්‍රියාවලියේ ප්‍රතිඵලය මාලිගාවේ කැණිමඩල කා දමන බවට සංකේතයක්ද විය හැකි බව අපට පෙන්වා සිටිනවා.
එහෙනම් අද කොටසත් ඔයාලාට භාර කරලා මම සමුගන්නවා. ඊළඟ සතියේ හයවෙනි කොටසින් හමුවෙමු.
More from Season 1
The Heirs of the Dragon - මකරුන්ගේ රජදහන
1 h 06 min
The Rogue Prince - බලය වෙනුවෙන් වංශයන් බැඳීම
60 min
Second of His Name - ස්ටෙප්ස්ටෝන් සටන
55 min
King of the Narrow Sea - පටු මුහුදේ රජු !
55 min
We Light the Way - මාර්ගය කල එලි කිරීම
55 min
The Princess and the Queen - කුමරිය සහ රැජිණ
55 min
Driftmark - ඩ්රිෆ්ට්මාක්
60 min
The Lord of the Tides - මකර නිවහනට යලිත් සාමය පැමිණේවිද?
60 min
The Green Council - අලුත් දිනයක්… අලුත් රජෙක් !
60 min
The Black Queen - බ්ලැක්වරුන්ගේ රැජිණ
60 min

