⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
The Rogue Prince - බලය වෙනුවෙන් වංශයන් බැඳීම
Episode Storyline
ගිය එපියේ කතාව කෙටියෙන් සිහි කළොත්,විසේරිස් ට රාජ්‍යත්වය දීම ගැන තහවුරු වීමෙන් පස්සෙ, ඔහුගේ රාජ්‍යත්වයෙන් 9 වන වසරේ කින්ස්ලෑන්ඩින් නුවර වගේම හොඳට නඩත්තුවන ඩ්‍රැග්න් පිට් එකත් අපි දකිනවා. විසේරිස් ගෙ දියණිය සිය මකරා පිටින් (සයිරෙක්ස්) ඇවිත්, ඔහුව ඩ්‍රැගන් පිට් එකට දාලා, සිය සහයිකාව – මිතුරිය වන ඇලිසන් හයිටවර් සමඟ රාජකීය කරත්තෙන් මාලිගාවට යනවා. විසේරිස් රජුගෙ දියණිය වන රෙනෙයිරා සිය මව සමඟ කතා කරනවා. මාලිගාව බොහොම සාටෝපයි. ජනාකීර්ණයි. ඇගේ මව ගර්භණී. ඈ සංකූලතා අධික ගර්භණී කාලයක් පහු කරමින් ඉන්න බව මූණෙන්ම පෙනෙනවා. ඇගේ සිහිනය පුතෙක්. රාජ්‍ය වෙනුවෙන් දරුවන් වැදීම සේවය බව හිතන ඇරන් නිවාසයේ එමා තමයි, රජුගේ බිරින්දෑ. ඇයට රෙනෙයිරාගේ උපතට පසු බොහෝ ගබ්සා වීම්, මලදරු උපත් සහ, ළදරු මරණ වලට මුහුණ දීමට සිදු වීමෙන් තවමත් පුත්‍ර උරුමක්කාරයෙක් විසේරිස් රජුට, අනුප්‍රාප්තිකයා හැටියට ලබාදෙන නොහැකි වෙලා තියෙනවා. මේ වන විට රෙනෙයිරා තමයි රජ්ජුරුවන්ගේ බඳුන දරන්නා. අපට රාජ්‍ය මන්ත්‍රකයන්ගෙ රැස්වීම දකින්න ලැබෙනවා. ඔවුන් රාජ්‍ය ට එල්ල විය හැකි තර්ජන වලට වඩා ක්‍රීඩාව ගැන උනන්දු වෙන බවක් පෙනෙන්නෙ. කොහොම හරි ක්‍රීඩා තරඟය හැරන්හෝල් වල පැවැතෙද්දි.. රැජිනිට දරුවා ලැබෙන්නට සංකූලතා එනවා. ග්‍රෑන්ඩ් මේස්ටර් ගේ අවවාදයෙන් රජු දරුවා තෝරාගන්න නිසා, හිරි වැටීම් වලින් තොරව සිදු කෙරෙන සැත්කමක් හේතුවෙන් එමා ඇරන් රැජිණ මියයනවා. අවමංගල්‍යය උත්සවයට පසු රජු විසින් අනුප්‍රාප්තිකයා නම් කළ යුතු වෙනවා. උපන් අවස්ථාවේ දී දරුවා බේරාගත හැකි වූවාට, දරුවාට ජීවත්වීමට තිබෙන්නේ ඉතා කෙටි කාලයක්. එම දරුවාද එක දවසින් මිය යනවා. මව සමඟම චිතකයේ ඔහුද දැවෙනවා. රජුගේ අනුප්‍රාප්තිකයා ලෙස රජුගේ බාල සහෝදරයා වන ඩේමන් නම් කළ හැකි වුවත්, මුල සිටම ඔහුගේ කල් ක්‍රියාව ගැන කිසිම පැහැදීමක් නැති රාජ්‍ය භාර කාර දූරය දරන මොටෝ හයි ටවර්, රජුගෙ මිය ගිය පුත්‍රයාට ඩේමන් සිනාසුණු බව ප්‍රකාශ කරනවා. එයින් වේදනාවට පත් විසේරිස් රජ තමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස තම ජීවත්ව සිටින එකම දියණිය වන රෙනෙයිරා පත් කරනවා. ඩේමන් තම මකරා සමඟ පලා යනවා. විසේරිස් රජ් වෙන්න කලින් වෙස්ටරෝස් පාලනය කළේ ජෙහාරිස් නම් පාලකයෙක් විසින්. ජෙහාරිස්ට පුතුන් දෙදෙනෙක් සිටියත් අවසනාවන්ත ලෙස ඔවුන් දෙන්නම මිය යනවා. ඉතිං තමන්ගෙ අනුප්‍රාප්තිකයා විදිහට තමන්ගේ සහෝදරිය වුනු රේනිස් සහ විසේරිස් අතරින් කෙනෙක්ව තෝරගන්න වෙනවා. රෙනීස් වැඩිමල් උරුමක්කාරිය වුනත් ඇය කාන්තාවක් වුනු නිසා සිහසුන උරුම වෙන්නෙ විසේරිස්ට. මුල් කාලයේ සාමකාමී පාලනයක් අරන් ගියත් පසුව අසනීප වීම සහ තමන් ගන්න වැරදි තීරණ නිසා විසේරිස් දැවැන්ත ගැටුමකට හේතු වෙනවා. මීට අමතරව කතාවේ වැදගත් සිදුවීම් කිහිපයක් සිදු වෙනවා. ඒ තමයි, GOT වලට වඩා පෙර යුගයේ පැවැති යකඩ සිහසුන ඉතා තියුණු භයානක ස්වරූපයක් ගත් බව අපිට පෙනෙන්න තියෙනවා. ඒ රජවරුන් තුවාල කරනවා. බොහොම සන්සුන්ව හිඳ නොසිටින සෑම වේලාවකම එය කැපුම් ඇති කරනවා.එහෙත් රජුගේ පිටේ තියන කැපුම, සිංහාසනය විසින් ඇති කළ එකක්මද? ඔබට ජෝරා මෝමන්ට් මතක් වෙනවාද?
මේ හැම දෙයක් පිටුපස්සේම ඕටෝ හයිටවර් ඉන්නවා ද? ඒක නිසාද ඔහු ග්‍රෑන්ඩ් මේස්ටර් ව හවුල් කරගෙන, රැජිණගේ ගර්භණී සංකූලතා රජුගෙන් සැඟෙව්වෙ? රජුට තමන්ගේ සහෝදරයා ගැනම ඇතුලත් ඇති වන ආකාරයෙන් කේලම් කිව්වේ? තමන්ගේම දියණිය වන ඇලිසන්ට් හයිටවර් ව සිය බිරිඳගේ ඇදුමක් අන්දලා, වැන්දඹු වූ විගස රජු වෙත යැව්වෙ?
More from Season 1
The Heirs of the Dragon - මකරුන්ගේ රජදහන
1 h 06 min
The Rogue Prince - බලය වෙනුවෙන් වංශයන් බැඳීම
60 min
Second of His Name - ස්ටෙප්ස්ටෝන් සටන
55 min
King of the Narrow Sea - පටු මුහුදේ රජු !
55 min
We Light the Way - මාර්ගය කල එලි කිරීම
55 min
The Princess and the Queen - කුමරිය සහ රැජිණ
55 min
Driftmark - ඩ්රිෆ්ට්මාක්
60 min
The Lord of the Tides - මකර නිවහනට යලිත් සාමය පැමිණේවිද?
60 min
The Green Council - අලුත් දිනයක්… අලුත් රජෙක් !
60 min
The Black Queen - බ්ලැක්වරුන්ගේ රැජිණ
60 min

