⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Select Server
Storyline
The Fantastic Four: First Steps (2025)
මාවල් කොමික් පාදකවෙලා නිර්මාණය වුණු Fantastic Four ෆ්‍රැන්චයිස් එකේ රීබූට් එකක් විදිහට තමයි මේක නිර්මාණය වෙන්නේ. මේක MCU එකේ 37වෙනි චිත්‍රපටිය වගේම මේක විශේෂ වෙන්නේ MCU එකේ Phase 6 පටන්ගන්නේ මේ The Fantastic Four: First Steps චිත්‍රපටියෙන්. ඔයාලට මතක ඇතිනෙ කලින් නිකුත්වුණු Thunderbolts* චිත්‍රපටිය අවසානෙදි අපිට Fantastic Four ගැන ඉඟියක් දුන්නා. අන්න ඒ වගේම මේකෙ අවසානෙදිත් ක්‍රෙඩිට් සීන් වලින් MCU එකේ ඊළඟ ලොකුම පිම්ම වෙන Avengers:Doomsday එකට සම්බන්ධ කරනවා.
හරි අපි චිත්‍රපටිය ගැන විස්තර ටිකක් දැන් බලමු.
Action/Sci-fi ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Matt Shakman. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 55යි. ඩො.මි. 200කට ආසන්න වියදමක් දරලා මේ වෙනකොට ඩො.මි 511කට ආසන්න ඉහල ආදායමක් උපයලා තියෙනවා.
Pedro Pascal, Vanessa Kirby, Ebon Moss-Bachrach, Joseph Quinn, Julia Garner, Sarah Niles යන නලු නිලියන් චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා.
ඉතින් අපි කතාව පැත්තට ගියොත්, ෆැන්ටෑස්ටික් ෆෝ පවුලේ ඉන්නේ රීඩ්, සූ, ජොනී සහ බෙන්. එයාලට රොබෝ යාලුවෙකුත් ඉන්නවා හර් බි කියලා. එයාලට මේ බලයන් ලැබුණ විදිහ ඔයාලා දැනටමත් දන්නවා ඇති. නොදන්න කෙනෙක් ඉන්නවා නම් චිත්‍රපටියෙන් ඔයලට දකින්න පුලුවන්
ඉතින් රීඩ්ට සහ සූට බබෙක් ලැබෙන්න ඉන්නවා කියන සුබ ආරංචිය අපිට චිත්‍රපටිය මුලදිම දකින්න ලැබෙනවා. ෆැන්ටෑස්ටික් ෆෝ මිනිස්සු අතර හුඟාක් ජනප්‍රියයි වගේම මිනිස්සුත් ආදරෙයි තමන්ගේ ආරක්ෂකයෝ කියලා. ඉතින් මේ සුබ ආරංචියට ජනතාවත් හුඟාක් සතුටුවෙනවා. ඒ වෙනුවෙන් රූපවාහිනි වැඩසටහන් යනවා. ළමයත් සුපිරි බල එක්ක ඉපදෙයිද කියලා මිනිස්සු බලාගෙන ඉන්නවා. ඔය අතරේ එකපාරටම හඳුනා නොගත්ත ජීවියෙක් අභ්‍යවකාශයෙන් එනවා. මිනිස්සු මේ ගැන කලබල වෙද්දී ෆැන්ටෑස්ටික් ෆෝලත් එතනට යනවා. ඊටපස්සේ ඒ ජීවියා අනතුරු අගවනවා පෘථිවිය විනාශයට නියමවෙලා තියෙන්නේ කියලා. ඒ ජීවියා තමයි ෂල්ල-බල් හෙවත් සිල්වර් සෆේස්.
පණිවිඩකරු විදිහට සිල්වර් සෆේස් මේ පණිවිඩය ගේන්නේ තමන්ගේ ස්වාමියා වෙනුවෙන්. ඒ ලෝකයන් විනාශ කරන්නා එහෙමත් නැත්නම් ගැලැක්ටස්. ගැලැක්ටස් කියන්නේ අසීමිත බඩගින්නකින් පෙළෙන, ඒ බඩගින්න නිවාගන්න ග්‍රහලෝක ආහාරයට ගන්න අවුරුදු බිලියන ගාණක් වයස විශාල අභ්‍යවකාශ ජිවියෙක්.
ඉතින් මේ ගැන බලන්න ෆැන්ටෑස්ටික් ෆෝලා ගැලැක්ටස්ව හොයාගෙන අභ්‍යවකාශයට යනවා. මේ හමුවීම හොඳින් සිද්ධවෙන්නේ නෑ, මොකද ගැලැක්ටස් සූගේ ගර් භාෂය ස්කෑන් කරලා කියනවා මේ ඉපදෙන්න ඉන්න ළමයා මහ බලසම්පන්න කෙනෙක්, මට එයාගෙන් මගේ සදාකාලික කුසගින්න නිවාගෙන නිදහස් වෙන්න පුලුවන් නිසා ලමයාව මට දුන්නොත් මං පෘථිවිය විනාශ නොකර ඉන්නම් කියලා. මේ ළමයා තමයි මාවල් විශ්වයේ බලගතුම කෙනෙක් බවට පත්වෙන ෆ්‍රෑන්ක්ලීන් රිචඩ්.
ඔහොම තමයි කතාව පටන්ගන්නේ. ඉතින් ගැලැක්ටස් මොනවගේ කෙනෙක්ද, කොහොමද පෘථිවියට තර්ජනයක් වෙන්නේ, ෆැන්ටෑස්ටික් ෆෝලා කොහොම සටනක් කරයිද කියලා බලන්න නම් ඔයාලට චිත්‍රපටිය බලන්නම වෙනවා.