GoMoviesX
Cinematic Focal Point

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Select Server

Categories

Keywords

#M.I

Storyline

මේක 2023 නිකුත්වුණු Mission: Impossible – Dead Reckoning Part One චිත්‍රපටියේ දෙවෙනි කොටස විදිහටයි එන්නේ. කතාව ඒ ඉවරවුණු තැනින් තමයි පටන්ගන්නේ. ඒ නිසා මුලින්ම 2023 චිත්‍රපටය බලපු නැති අය මෙතනින් ගිහින් ඒක බලලා එන්න.

සුපුරුදු විදිහට Action/Thriller ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Christopher McQuarrie. ඔහු Rogue Nation එකේ ඉඳලා අධ්‍යක්ෂක විදිහට වැඩ කරනවා. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 49ක් වෙනවා වගේම බෙදාහරින්නේ Paramount Pictures ආයතයනය. ඩො.මි. 300කට ආසන්න වියදමින් නිර් මාණය කරපු චිත්‍රපටය මේ වෙද්දී ඩො.මි 600කට අධික වාර් තාගත ඉහළ ආදායමක් අරන් තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Tom Cruise, Hayley Atwell, Ving Rhames,Simon Pegg,Henry Czerny, Angela Bassett ඇතුළු නළු නිලියන් පිරිසක්.

චිත්‍රපට මාලාව මුල ඉඳලා බලපු කෙනෙක් නම් ඔයා දන්නවා හැම චිත්‍රපටියක්ම එක්කෝ චරිතයකින් නැත්නම් සිද්ධියකින් එකිනෙකට සම්බන්ධ වෙනවා. මේ අවසාන චිත්‍රපටියෙදි අපිට ඒක ලස්සනට දකින්න පුලුවන්. අනිත් චිත්‍රපටි ටිකේ වගේ නෙවෙයි මේකෙදී පළවෙනි චිත්‍රපටියේ ඉඳලා හැම එකක්ම ආයෙත් මතක් කරන දර් ශන ගොඩක් අපිට පෙන්නනවා. පෙන්නලා මේ තමයි සුපිරි චිත්‍රපට මාලාවක අවසානය කියලා අපිට මතක් කරවනවා.

ඔයාලා සප්‍රයිස් වෙන දේවල් කීපයක්ම මේකෙදි දකින්න පුලුවන්. ඒ චරිත වලින් සහ කතාව සම්බන්ධ කරන විදිහෙන්. කවුරුහරි මගෙන් ඇහුවොත් කොහොමද චිත්‍රපට මාලාව ඉවර කරන්න තියෙන හොඳම විදිහ කියලා, මං එයාලට කියනවා Mission: Impossible – The Final Reckoning (2025) බලලා ඒක ඉගෙනගන්න කියලා. මට නම් ඒ තරමටම සැටිස්, පර්ෆෙක්ට් අවසානයක් දුන්නා.

හැමෝම වගේ දන්නවා මේකේ ප්‍රධාන හතුරා වෙන්නේ එන්ටිටි කියලා හඳුන්වන AI එකක් කියලා. එක තැනකදි ග්‍රේස් කියනවා “අපිට බැරිද මේ AI එක විනාශ නොකර ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න” කියලා. එතකොට හන්ට් කියන්නේ “මේ තරම් ලොකු බලයක් පාලනය කරන්න තරම් ඔයා කාවහරි විශ්වාස කරනවද” කියලා. ඒකට ග්‍රේස්ගේ උත්තරය වෙන්නේ “ඔව්, ඒ ඔයා හන්ට්” කියලා. ඔව් ලෝකය වෙනුවෙන් ජීවිතය පූජා කරන්න ලෑස්තියෙන් ඉන්න හන්ට් ඇරෙන්න වෙන කෙනෙක් නෑ ඒකට සුදුසු. ඉතින් කතාව අවසානයෙත් කණ්ඩායමේ ඒ විශ්වාසය ඒ විදිහටම ඔප්පු වෙනවා.
Mission: Impossible – The Final Reckoning 20251080p
⍟ සිංහල උපසිරැසි සමග ⍟

Mission: Impossible – The Final Reckoning 2025

7.2/10
2025
WebRip
Save

Trailers & Official Clips

2:18

Trailer