GoMoviesX
Cinematic Focal Point
Back to Newsroom
December 9, 2025
Lakshan
OFFICIAL

Netflix සමාගම විසින් Warner Bros. ආයතනය ඩොලර් බිලියන 83කට මිලදී ගන්න ගහපු Deal එක.

Netflix සමාගම විසින් Warner Bros. ආයතනය ඩොලර් බිලියන 83කට මිලදී ගන්න ගහපු Deal එක.
මේ දවස් වල  Hollywood වල ලොකුවටම Viral යන News එක වෙන්නෙ, Netflix සමාගම විසින් Warner Bros. ආයතනය ඩොලර් බිලියන 83කට මිලදී ගන්න ගහපු Deal එක...

බැලූ බැල්මට මේක සාමාන්‍ය Business Deal එකක් වගේ පෙනුනට, මේක පිටිපස්සෙ ඊට වඩා කපටි ප්ලෑන් එකක් තියෙනවා. හැබැයි ලංකාවෙ Community එකට නම් හිතිලා තියෙන ලොකුම ප්‍රශ්නෙ LGBT, Woke රජ වෙන එක. මේ කියන්න යන්නෙ ඒවට වඩා ඇත්තටම වෙන්න යන දේ මොකක්ද කියලා...

ගොඩක් නීතිඥයො කියන විදියට මේ Deal එක නීතියෙන් ඉඩක් ලැබෙන එකක් නෙවෙයි. මොකද Netflix සහ HBO කියන්නනෙ Main Stream Competitors ලා දෙන්නෙක්. මේ දෙක එකතු වුණාම හැදෙන්නෙ ලොකු Monopoly එකක්. ඇමෙරිකාවෙ නීතියට අනුව මේ වගේ Deal එකක් නවත්තන්න රජය අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා...

ඇමරිකාවෙ 1890 ඉඳන් තියෙන ප්‍රධාන නීතියක් තමයි Sherman Antitrust Act එක. මේකෙන් කරන්නෙ ව්‍යාපාර ලෝකයේ තරඟය රැකගන්න එක. හිතන්න ලංකාවෙ හාල් විකුණන කඩ ඔක්කොම එක මනුස්සයෙක් සල්ලි දීලා ගත්තා කියලා. එතකොට මිනිහා කියන ගාණට තමයි අපිට හාල් ගන්න වෙන්නෙ. තරඟයක් ඇත්තෙම නෑ...

ඇමරිකානු රජය කියන්නෙ Netflix සහ HBO එකතු වුණාම, Video Streaming Industry එකේ තරඟය නැති වෙලා, එයාලට ඕන විදියට මාසික ගාස්තු වැඩි කරන්න පුළුවන් වෙනවා කියලයි. ඒ නිසා මේ නීතිය පාවිච්චි කරලා මේ Deal එක නවත්වන්න රජයට පුළුවන්...

එහෙනම් Netflix ලා මේක දන්නෙ නැද්ද? නොදැන ඉන්න තොත්ත බබාලද... ඒක හොඳටම දන්නවා! ඒ හින්දම මේ Deal එක ඇත්තටම සාර්ථක කරගන්න බලාගෙන කරන වැඩක් නෙවෙයි...
මේ Deal එකේ ඇත්තම අරමුණ Warner Bros. සමාගම අවුරුදු 2කට විතර හිර කරලා තියන එක වෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් මේ වගේ ලොකු Deal එකක් ගැන රජය පරීක්ෂණ පවත්වන්න අවුරුදු 2ක් විතර ගන්නවා. ඒ කාලය ඇතුළත Warner Bros. සමාගමට අලුත් තීරණ ගන්න, අලුත් දේවල් පටන් ගන්න බැරි වෙනවා. ඔවුන් නීතිමය වශයෙන් විකිණෙමින් පවතින තත්වයක ඉන්න නිසා එයාලට මේ කාලය ඇතුළත හැම පැත්තෙන්ම හිර වෙලා වගේ තමා ඉන්න වෙන්නෙ... 

හිතන්න ඔයා දක්ෂ ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් කියලා. ඔයාට සුපිරි කතාවක් තියෙනවා විකුණගන්න. ඔයා යන්නේ කා ළඟටද?
අංක එක Warner Bros. ළඟටද? මෙයාලා ඉන්නෙ අවිනිශ්චිත තත්ත්වයක. තව අවුරුදු දෙකකින් ලොක්කා කවු‍රු වෙයිද කියලවත් දන්නෙත් නෑ. සමහර විට බංකොලොත් වෙන්නත් පුළුවන්...
අංක දෙක Netflix ළඟටද? මෙයාලා ස්ථාවරයි, සල්ලි තියෙනවා, ප්‍රශ්න නෑ...

ඉතින් හොඳ නිර්මාණකරුවන් නිකම්ම Netflix පැත්තට ඇදෙනවා. Warner Bros. ලට මුකුත් කරන්න බැරි වෙනවා. එක්කෝ Deal එක පාස් වෙලා Netflix ලට HBO ලැබෙනවා. එහෙම නැත්නම් Deal එක Fail වෙනවා. හැබැයි ඒ වෙනකොට Netflix ලා තමන්ගෙ ලොකුම තරඟකාරයෙක්ව අවුරුදු 2කට අඩපණ කරලා ඉවරයි. කොහොම වුනත් වාසිය Netflix ලටමයි...

කොහොමහරි රජය මැදිහත් වෙලා මේ Deal එක නැවැත්තුවොත්, Netflix ලට සිද්ධ වෙනවා Warner Bros. ලට ඩොලර් බිලියන 5.8 ක විතර වන්දි මුදලක් ගෙවන්න.

එහෙනම් ඇයි Netflix ලා මේකට කැමති වුණේ? මෙතන තමයි අර කලින් කිව්ව කපටි ප්ලෑන් එක තියෙන්නෙ. Netflix ලා මේ බිලියන 5.8 වියදම් කරන්නෙ Warner Bros. සමාගම බංකොලොත් කරන්න යන වියදමක් විදියට. එයාලට මේ Deal එක ලැබුණොත් හොඳයි. Deal  එක නැති වෙලා බිලියන 5.8 ගෙවන්න වුණත් ලොකු අවුලක් නෑ. මොකද ඒ වෙනකොට Warner Bros. ලා අවුරුදු 2ක් තිස්සෙ හිර වෙලා, අඩපණ වෙලා ඉවරයි. ඒ වාසිය දිගු කාලීනව බිලියන 5.8කට වඩා වටිනවා...

දැන් තේරෙනවා නේද වැඩේ...

The Cinematic Universe 

උපුටා ගැනීමකි.

GALLERY

1 ITEMS
Gallery 0